gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිවරණයට පුළුල් අලි - පොහොට්ටු සන්ධානයක්! මහින්දගේ භූමිකාව තවමත් රහසක්!

ඉදිරි මැතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) පුළුල් සන්ධානයක් පිහිටුවීමට බොහෝ දුරට ඉඩ ඇති බව ඉංග්‍රීසි වෙබ් අඩවියක් වාර්තා කරනවා.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා මූලික අදියරේ පවතින අතර, රට පාලනය කිරීම සම්බන්ධයෙන් පොදු ප්‍රතිපත්ති රාමුවකට එකඟ වීමට උත්සාහ කිරීම ද ඇතුළත් බව‍යි එහි සඳහන් වන්නේ.

මෙම පියවර සඳහා බහුතර එකඟතාවයක් තිබේ ද යන්න තවමත් පැහැදිලි නැතත්, ඉදිරි මැතිවරණයේ දී දෙපාර්ශවයට ම ජයග්‍රහණය කළ හැකි එක ම මාර්ගය සන්ධානගතව එක්ව කටයුතු කිරීම බව දෙපාර්ශ්වයම අවබෝධ කරගෙන ඇතැයි එම වාර්තා සඳහන් කරන්නේ.

මේ වන විට සමගි ජන බලවේගයේ (SJB) සිටින හිටපු එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහය ලබා ගැනීමට උත්සාහ කිරීම එජාප ප්‍රධාන සාමාජිකයින් වෙත පැවරී ඇති අතර, පොහොට්ටුවේ සාකච්ඡාකරුවන් විසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ස්වාධීන වී සිටින පොහොට්ටුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර, 2024 වසර සඳහා වන අයවැය යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එජාපය මේ වන විටත් එකඟතාවකට පැමිණ ඇති බව ද එම වෙබ් අඩවිය වාර්තා කරනවා.

එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂ නායක, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීමට නියමිත අතර වික්‍රමසිංහ මහතා තරග කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා කුමන භූමිකාවක් ඉටු කරනු ඇතැයි තවමත් අනාවරණය වී නොමැති බවයි එම පුවත් වාර්තාව සඳහන් කළේ.

ඉකුත් වසරේ දී උග්‍ර වූ ආර්ථික අර්බුදය හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා බැඳී තිබූ ජනප්‍රියත්වය ශීග්‍ර ලෙස පහළ වැටුණු අතර මහජන අරගලයක් මගින් එම ආණ්ඩුව සහ එහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව පළවා හැරීමට කටයුතු කෙරුණා.

අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ඡන්දයකින් තේරී පත් වූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නොමද සහාය හිමි වුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka