අප මාතෘ භූමිය තුළ විවිධ ජන වර්ග නියෝජනය කරන විවිධ ආගම් අදහන පිරිස් ජීවන් වන බවත්, එම නිසා අප, රටක් ලෙස එක්ව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ප්‍රේමදාස මහතා අවධාරණය කළේ, මේ රට විනාශ කරන එකම ක්‍රමවේදය අන්තවාදය බැවින්, ත්‍රස්තවාදයට රට තුළ ඉඩක් නැතුවා සේම, අන්තවාදයටද රට තුළ ගොඩ නැගෙන්නට ඇති ඉඩ කඩ අහුරා දැමිය යුතු බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, ගාල්ල සහිරා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට සභාගීවෙමින්.
පසුගිය සමයේ අන්තවාදය දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැම් පක්ෂ භාවිත කළ බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියල්ලන් නීතිය හමුවට ගෙන එන බව පවසමින් ආණ්ඩුව බලය ලබාගත්තත් මෙතෙක් ඒ වෙනුවෙන් යුක්තිය කිසි ලෙසකින් ඉටුවී නොමැති බවද පෙන්වා දුන්නා.
සත්‍ය සඟවා, බොරුව රජ කළත්, ඉදිරි සමගි ජන බලවේග රජයක් තුළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා හෙළිදරව් කිරීමට විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් සිදු කරන බවත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.
එමෙන්ම කිසිදු පුද්ගලයකුට ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇති කරන්න ඉඩ නොදෙන බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, ජන වර්ග අතර හෝ ආගම් අතර භේද ඇති කිරීමට දරණ ඕනෑම උත්සාහයක් සාපරාධී ක්‍රියාවක් ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කරන බවත් මෙහිදී කියා සිටියා.
– Media unit