gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බුද්ධි අංශ සහරාන් ගැන මුලින්ම කියා ඇත්තේ රන්ජිත් මද්දුම බණ්ඩාරට!

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී මරාගෙන මැරුණ ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස සැලකෙන සහරාන් සම්බන්ධයෙන් එවක බුද්ධි අංශ ප්‍රධානියා විසින් යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යවරයා වූ රන්ජිත් මද්දුම බණ්ඩාර වෙත ලිඛිතව හා වාචිකව දැනුම්දී තිබු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

2018 මැයි මස 19 වැනිදා රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින් රන්ජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා වෙත යොමුකර තිබු ලිපියක් ද සරත් වීරසේකර මන්ත්‍රීවරයා විසින් සභාගත කළේය.  

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂක නිලන්ත ජයවර්ධන විසින් අනාගතයේදී සිදුවිය හැකි අන්‍යාගමික සංහාරයන් නැවත්වීම සඳහා සහරාන්ව විශේෂ පොලිස් කණ්ඩායමක් හරහා අත් අඩංගුවට ගන්නා මෙන් 2018 වර්ෂයේ දී ලිඛිතව ඉල්ලා තිබිණ.

ඊට අමතරව ආරක්‍ෂක කවුන්සිලය හා ආරක්‍ෂක ලේකම්ගේ බුද්ධි සාකච්ඡාවල නිරන්තරයෙන් සහරාන් පිළිබඳ සඳහන් කරමින්, ඔහුව අත් අඩංගුවට ගැනිමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka