ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් හට අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට ලබාදුන් වාරණ නියෝගය ඉවත් කිරීමට අද (22ද) පියවර ගෙන තිබෙනවා.
ඒ අද දිනයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අතුරු තහනම් නියෝගය දීර්ඝ කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට බල පැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය මීට පෙර ලබාදී තිබුණේ කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතායි.
DMR 1435/23 දරන අංකය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිස තිබුණේ විගණකාධිපතිවරයා විසින් සමාලෝචනයකට ඉදිරිපත් කරන ලද කෙටුම්පත් වාර්තාවක් පදනම් කර ගනිමින් හේෂා විතානගේ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අරඹයා ද්වේෂ සහගත සහ අවමන් සහගත ප්‍රකාශ කිදු කරනවා යැයි පවසමිනි.
කෙසේ වෙතත් එම විගණන කෙටුම්පත් වාර්තාවෙන් පෙන්වාදුන් අක්‍රමිකතා මේවනවිට අවසන් වාර්තාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, හේෂා විතානගේ මන්ත්‍රීවරයා පෙන්වාදුන් බොහෝ අක්‍රමිකතා සහ වංචා එම අවසන් වාර්තාවටද ඇතුළත්ව ඇත.
මෙම නඩුව යළි සලකා බැලීම නොවැම්බර් මස 29 වැනිදා සිදු කිරීමට නියමිතය.