තමන් රට බාර ගන්නා අවස්ථාවේදී පැවති දරුණු අර්බුදවලින් රට ගොඩ ගෙන ඇති බව බොහෝ අවස්ථාවලදී කයිවාරු ගැසුවද නිල සංචාරයක් සඳහා ජර්මනියට ගොස් එයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ කරුණු ඉදිරිපත් කර තිබේ.
විශේෂයෙන් ම, මෙරට ආර්ථික වර්ධන වේගය 3.5%කට වර්ධනය කර ගැනීම වාසනාව මත රඳා පවතින බවත්, 2030 වනවිට මෙරටට ඩොලර් බිලියන 26.5ක ණය ලබා ගැනීමට අවශ්‍ය බවත් මෙම අභියෝග ජය ගැනීමේදී ගෝලීය වශයෙන් ලැබෙන සහාය ප්‍රමාණවත් නැති බවත් ප්‍රකාශ කර තිබේ.
රජයේ නිල වෙබ් අඩවියේ පළ කර තිබූ එම අදහස් දැක්වෙන සම්පූර්ණ ඡේද දෙක උපුටා ගෙන පහත පළ කෙරේ.
“2030 වන විට ඒ සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 26.5ක් අවශ්‍යයි. අපි බංකොලොත් රටක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන ආකාරයට අපි වාසනාවන්ත නම්, ඉදිරි වසර කිහිපය තුළ අපට 3.5% ක ආර්ථික වර්ධන වේගයක් ලැබෙනු ඇතැයි මම කියා විශ්වාස කරනවා.
ඒ වගේම මෙම අභියෝග ජය ගැනීමේ දී ගෝලීය වශයෙන් දැනට පවතින සම්බන්ධීකරණය සහ නායකත්වය මෙම ගැටලුව කඩිනමින් විසඳීම සඳහා ප්‍රමාණවත් නැහැ. අපට මෙහිදි අලුත් සැලැස්මක් අවශ්‍ය වෙනවා.“
මේ වනවිට විදේශ ණය ගෙවීම අත්හිටුවා ඇති අතර දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ මුවාවෙන් විශ්‍රාම අරමුදල් කප්පාදුවක යෙදී සිටින රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු හවුල් ආණ්ඩුව විදේශීය ණය කපා හැරීම පිළිබඳව කිසිදු සාධනීය ක්‍රියාමාර්ග අනුගමනය කර නැත. එසේ තිබියදී 2030 වනවිට තවත් ඩොලර් කෝටි 2,650ක අමතර ණයක් ද විදේශීය වශයෙන් ලබා ගැනීමට අපේක්ෂා කිරීම තුළ මෙරට ආර්ථිකය තවත් බිහිසුණු තත්වයකට ඇද වැටෙනු ඇත.

උපුටා ගැනීම : lankatruth