gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නව සන්ධානයේ මන්ත්‍රීවරු 30ක් මෛත්‍රීගේ නිවසේ මහා රෑ එකතුවී කතාකලේ මොනවාද?

නව සන්ධානය සමඟ විවිධ දේශපාලන පක්ෂද නිරන්තරයෙන් විවිධ සාකච්චා පවත්වමින් පවතින බව රාජගිරිය පිහිටි එම පක්ෂ කාර්යාලය පවසනවා. එවැනි විශේෂ සාකච්චාක් පසුහියදා රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කොළඹ 07 පිහිටි නිවසේ පැවැත්වුණා.

මේ සඳහා එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසද ඇතුළුව නව සන්ධානයට සහාය දෙන මන්ත්‍රීවරුන් 30ක් පමණ සහභාගී වී සිටියා.

මෙය ඉතා රහසිගතව පැවති අතර නව සන්ධානයේ ඉදිරි මෙහෙයුම් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්චා කර ඇත.

විශේෂත්වය වන්නේ දැනට පොහොට්ටුවේ කටයුතු කරන තරුණ මන්ත්‍රීවරුන් පිරිසක්ද මේ සඳහා එක්ව සිටීමයි.

එම නිසා මෙම හමුව රහසිගතව පැවැත්වීමටත් එහි සාකච්චා කල දේවල් හෙළි නොකිරීමටත් ඔවුන් කතිකා කරගෙන ඇති බවද වාර්තාවේ.

අවශ්‍ය තීරණාත්මක මොහොතකදී ඔවුන් නව සන්ධානයේ කටයුතු සඳහා කොන්දේසි විරහිතව සහාය දීමටත් මෙහෙදී සාකච්චා කර ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka