gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටේ ෆේස් බුක් වාරණය කර ජනපති මෙටා ගෝලීය කටයුතු ලොක්කා හමුවී වාරණයට හේතු කියයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  නිව්යෝර්ක් නුවරදී මෙටා සඳහා ගෝලීය කටයුතු පිළිබඳ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග්   හමුවිය.

ජනාධිපතිවරයා මෙටා සමාගමේ ගෝලීය කටයුතු පිළිබඳ සභාපතිවරයා හමුවන්නේ රට තුළ සමාජ මාධ්‍ය වාරණයකට අදාල නීති කෙටුම්පත් සම්පාදනය කරමින් වීම මේ වනවිට සමාජයේ කථිකාවට ලක් වෙමින් තිබෙද්දීය.
 
මේ පිළිබඳව ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු ආයෝජන ප්‍රවර්ධනයට මෙම මාධ්‍ය නියාමනයන් අහිතකර ලෙස බලපාන ආකාරය පෙන්වා දෙමින්  පාර්ලිමේන්තු  මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා දීර්ඝ ලෙස කරුණු දැක්වීමක් කළේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ සහ මෙටා සමාගමේ ගෝලීය කටයුතු ප්‍රධානියාගේ සාකච්ඡා අතරතුර, අන්තර්ජාලය හරහා වෛරී ප්‍රකාශ සහ ව්‍යාජ ප්‍රවෘත්ති පැතිරීම වැළැක්වීම සඳහා රජය ගෙන ඇති නව මුලපිරීම් පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ  අවධාරණය කර තිබේ.

යෝජිත පනත් කෙටුම්පත මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හරහා නිශ්චිත කරුණු අභියෝගයට ලක් කිරීමට අදාළ පාර්ශ්වයන්ට ඉඩ සැලසෙන බවත්, පාර්ලිමේන්තු කාරක සභා සමාලෝචනයේදී වැඩිදුර සංශෝධන සලකා බැලිය හැකි බවත් ඔහු අවධාරණය කළේය.

කෙසේ වෙතත් මේ සාකච්ඡාවේ දී මෙටා සමාගම සහ එක්ව කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ නව ප්‍රවනතා සංවර්ධනය ඉල්කක කරගෙන යොදා ගත හැකි ආකාරය ගැනත්  AI තාක්‍ෂණය දියුණු කිරීම අරමුණු කරගත් මෙටා සහ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල අතර සහයෝගීතා වැඩසටහනක් සංවර්ධනය කිරීම පිළිබඳවත් සාකච්ඡා වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka