දසුන් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම්! තේරීම් කමිටුවේ තීරණය එනතෙක් සිටියි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක දසුන් ශානක නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව දැනුම්දී තිබෙනවා.
ඒ තේරීම් කමිටුව තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුනහොත් පමණි.
මේ පිළිබඳව දසුන්ගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ තේරීම් කමිටුවට තමන්ව නායකයෙකු ලෙස තවදුරටත් අවශ්‍ය නොවන්නේ නම් වහාම තමන් නායකත්වයෙන් ඉල්ලා අස්වන බවයි.
දසුන් ක්‍රීඩා කළ අවසන් ඉනිම් 10 තුළ එකදු අර්ධ ශතකයක් හෝ වාර්තා කරගැනීමට සමත්ව නොමැති අතර ආසියානු කුසලානයේදී බංග්ලාදේශයට එරෙහිව නොදැවී ලකුණු 14ක්, ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලකුණු 05ක්, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 24ක්, ඉන්දියාවට එරෙහිව ලකුණු 09ක්, පාකිස්ථානයට එරෙහිව ලකුණු 02ක් සහ ඉන්දියාවට එරෙහිව ලකුණු 00ක් යනාදී වශයෙන් ලකුණු වාර්තා කරගෙන සිටියා.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කළ අතර, එහෙත් ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

- monara
දසුන් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම්! තේරීම් කමිටුවේ තීරණය එනතෙක් සිටියි
2023-09-20T10:58:00+05:30
Gossip Lanka Hot News