gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බන්දුලට එරෙහි චෝදනා පත‍්‍රයක් ජනාධිපතිට, කැබිනට් මණ්ඩලයට!

බන්දුල ගුණවර්ධන මහතා ඉතිහාසයේ සිටි අදූරදර්ශීම ප්‍රවාහන අමාත්‍යවරයා බව දුම්රිය නගාසිටුවීම සඳහා වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි. ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින බවද එම සන්ධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා කියා සිටියි.

දුම්රිය ව්‍යාපෘති පිළිබඳව අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත ගැටලුකාරී තත්යටට පත්ව ඇති බවත් ඊට අදාළ සියලු සාක්ෂි දෙන ජනාධිපතිට හා කැබිනට් මණ්ඩලයට භාර දෙන බවත් ඔහු පැවසීය.

රටේ අරගලයක් ඇති වූයේ මේ ආකාරයේ පුද්ගලයන් පලවාහැරීමට වුවද අවාසනාවකට මෙම පුද්ගලයන් තවමත් ධුරවල සිටින්නේ යැයි ද ඔහු කියා සිටී.

මිරිගම-මහව දුම්රිය සංඥා එළිමේ ව්‍යාපෘතියේ දී ද අමාත්‍යරයා ක්‍රියා කළ ආකාරය ගැටලු සහගත බවත් ටෙන්ඩර කැඳවීමකින් තොරව ව්‍යාපෘති ලබාදීම මාර්ගෝපදේශ වලට පටහැනි බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka