මුලතිව්, කොක්කුතොඩුවායි සමූහ මිනීවළෙහි නව වන දිනයේ කැණීම් කටයුතු අද (15) සිදු වුණා.
එහි දී තවත් මිනිස් අස්ථි කොටස් තුනක් හමු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් තවත් අංක තහඩුවක් ද සොයා ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව මේ දක්වා සිදු කරනු ලැබූ කැණීම්වලින් සොයාගෙන ඇති මිනිස් අස්ථි සංඛ්‍යාව 17ක්.
මුලතිව්, කොක්කුතොඩුවායි සමූහ මිනීවළෙහි කැණීම් කටයුතු පසුගිය 6 වනදා ආරම්භ කෙරුණා.
ජල සම්පාදන මණ්ඩල මුලතිව් දිස්ත්‍රික් කාර්යාල සේවකයින් පිරිසක් විසින් කොක්කුතුඩාවායි ප්‍රදේශයේ ජල නල එළීමකට කාණුවක් සකස් කිරීමේදීයි පළමු වරට ජුනි 29 වැනිදා අදාළ ස්ථානයේ දී අස්ථි කොටස් හමු වුණා.
කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් පිහිටා ඇති මෙම ප්‍රදේශයේ සිරුරු කොටස් සහ ඇඳුම් හමු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් මුලතිව්, කෝකිලායි පොලිසිය වෙත දැනුම්දීමෙන් අනතුරුව කෝකිලායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කළ බව සඳහන්.
පොලිසියේ දැනුවත් කිරීම් අනුව මුලතිව් මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා අස්ථි කොටස් හමුවු ස්ථානය ජුනි 30 වැනිදා නිරීක්ෂණය කළා.
ඉන් අනතුරුව අදාළ ස්ථානයේ කැණීම් සිදුකරන ලෙසටයි නියෝග කළේ.
ඒ අනුව මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ, පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය, පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන්, පුරාවිද්‍ය නිලධාරීන්, යුද හමුදා සාමාජිකයින්, මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමක් ඉදිරියේ මෙදින කැණීම් කටයුතු ආරම්භ කෙරුණා.
ප්‍රථමයෙන් එම ස්ථානයේ මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු වූ අතර පසුව සිදු කරන ලද කැණීම්වල දී පුද්ගලයින් 13 දෙනෙකු යැයි සැලකිය හැකි මිනිස් අස්ථි ශේෂ හමු වුණා.