gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිනේෂ් සහ බැසිල් අතර හමුවක්! අයවැයෙන් ගන්නා ජනතා සහන ගැන කතිකාවක්!

මහජන එක්සත් පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහ අඩු ආදායම්ලාභී ජනතාවට ඉදිරි අයවැයේදී සුබසාධන හා සහන සැලසීම සඳහා වැඩි වශයෙන් ප්‍රතිපාදන වෙන්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට ඔවුන් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මහජන එක්සත් පෙරමුණ අතර පවත්වා ඇති අතර, කොළඹ පැවති සාකච්ඡාව පැය කිහිපයක් පුරාවට පවත්වා ඇති බව සඳහන්.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාව හා අඩු ආදායම්ලාභී ජනතාව කෙරෙහි වඩාත් සහන සලසන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා යෝජනා කර ඇති බවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය, සන්ධානගත දේශපාලනයේ දායකත්වයන්, ජනතා සුබ සාධන පහසුකම්, ජීවන බර හා පීඩාවට පත් ජනතාවට සහන සැලසීම, රාජ්‍ය ආයතනික තීන්දු තීරණ ගැනීමේදී වෘත්තීය සමිති සහ සේවකයන් සමඟ ඇතිවිය යුතු කතිකාවන්, ආයතන ප්‍රතිව්‍යුහගතකරණයේ ගැටලු, සේවක අයිතිවාසිකම්, අස්වැසුම හා සමෘද්ධි සහනාධාරය පිළිබඳව ඇති ගැටලු, ඖෂධ ගැටලුව ඇතුළු සෞඛ්‍ය සේවයේ පවතින ගැටලු, මැතිවරණ ක්‍රමය, තවදුරටත් සාකච්ඡාවට බඳුන් විය යුතු අණපනත් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්.

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව කෙමෙන් අඩු කිරීමට නීතියෙන් නියම වී ඇති නිසා සමෘද්ධි සහනාධාරය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු ඇති බවද පක්‍ෂ දෙකේම නියෝජිතයන් අවධාරණය කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එම පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම්. චන්ද්‍රසේන, සංජීව එදිරිමාන්න යන මහත්වරුන් මෙන්ම මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් ප්‍රධාන ලේකම් නීතිඥ තිස්ස ජයවර්ධන යාපා, නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, දේශපාලන මණ්ඩල සභිකයන් වන විජය රත්නායක, මහානාම සමරනායක යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka