gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගනේමුල්ලේ සංජීවගෙන් නේපාල ආරක්‍ෂක අංශවලට විශාල පගා මුදලක්!

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවෙක් වන සංජීව කුමාර නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් යු එල් 182ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත්තේ සේනාධීරගේ කරුනාරත්ත යන ව්‍යාජ නමකින් සකසන ලද ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින්ය.

එම අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් විසින් ඔහු අඩංගුවට ගන්නා ලදී. ජාත්‍යන්තර පොලිසිය මගින් ද ඔහුට රතු නිවේදන නිකුත් කර තිබිණි.

ඔහු පිළිබඳ සැක සිතූ ආගමන විගමන නිලධාරීන් විසින් ඔහුව රඳවා ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී තමන් ගණේමුල්ලේ සංජීව බව සැකකරු පිළිගෙන තිබිණි.

ගනේමුල්ල සංජීව නමැත්තා තලෙයි මන්නාරම හරහා ඉන්දියාවට පලා යාමේදී නේපාල ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව විශාල මුදලක් ලබාදී නිදහස් වී තිබූ බවත් නේපාල ආරක්ෂක අංශ වෙත ඔහු අත්අඩංගුවට පත් වූ දිනයේ දී ඔහුගේ නිවසට වෙඩි ප්‍රහාරය එල්ල වූ බවත් පොලිසිය කියයි.

ගනේමුල්ල සංජීව නැමැත්තාගේ නමට ඉකුත් අගෝස්තු 24 වැනිදා නේපාලය බලා පිටත්වීම සඳහා දින 30ක කාලයකට සංචාරක වීසා ලබාගෙන තිබෙන බවත් ඒ අනුව ලබන මස තුන් වෙනි දින දක්වා නේපාලයේ ගත කිරීම සඳහා අවසර තිබෙන බවත් අනාවරණය වී තිබුණි,එම වීසා බලපත්‍රය කොළඹ දී නිකුත් කර තිබීම විශේෂත්වයක් බවත් අනාවරණය වේ.

ගම්පහ පස් පොඩ්ඩා ඇතුළු මෙරට සිදුවූ ඝාතන සිද්ධීන් දහයකට අධික ප්‍රමාණයකට ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධකරු සම්බන්ධ බවට මේ වන විට අනාවරණය වී ඇත

ඔහු මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ රඳවා ගෙන ඇත.

– Ada


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka