gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මම සාක්ෂි දුන්නොත් මහින්ද, බැසිල්, ගෝඨා තුන්දෙනාම ඉවරයි.." - අසාද් මවුලානාගෙන් තවත් හෙළිදරව්වක්!

රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් නිදහස් කිරීමට විවිධ කුමන්ත්‍රණ කළ බව කියන අසාද් මවුලානා මහතාගේ හඬ පටයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අදාළ ක්‍රියාවලියට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සම්බන්ධ බව සඳහන්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජෝශප් පරරාජසිංගම් මහතාගේ ඝාතන නඩුව විභාග කිරීම සඳහා විනිසුරුවරුන් මාරු කළ යැවූ ආකාරයයි අදාළ හඬ පටයේ සටහන්ව ඇත්තේ.

ඊට නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් සම්බන්ධ බව ද අසාද් මවුලානා මහතා ප්‍රකාශ කර තිබෙනවා..

"ජෝශප් පරරාජසිංගම්ගේ ඝාතන නඩුවෙන් පිල්ලෙයාන් නිදහස් වුණේ කොහොමද, කවුද උදව් කළේ, නීතිපතිවරයා මොනවාද කළේ කියලා කියන්නම්.. සූසෙයි දාසන්ව මොකටද පත් කළේ. මුලින් ඒ නඩුව විභාග කරන්න දැම්මේ ඉසඩීන්. ඉසඩීන් ව දන්නවා නේ. ඒක ලොකු වංචාවක්. මේකට විනිසුරුවරුවන් තුන් දෙනෙක් සම්බන්ධයි.

මහින්ද රාජපක්ෂගේ නීති උපදේශකවරයා සම්බන්ධයි. ගොඩාක් අය මැදිහත් වුණ නිසා තමා පිල්ලෙයාන් නිදහස් වුණේ. නීතිපති දප්ඵුල ද ලිවේරාත් මේ නඩුව භාරව හිටිය මාධව තෙන්නකෝන් පිල්ලෙයාන්ට දඬුවම් අරන් දෙන්න ඕනේ කියන ස්ථාවරයේ හිටියා. ඒ තරම් සාක්ෂි තිබුණා. එහෙම තිබිලත් අපි පිල්ලෙයාන්ව නිදහස් කරගන්න ගොඩාක් වැඩ කළා. විනිසුරුවරයාව මාරු කළා.

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් කෝල් කරලා ඉසඩීන් ට මේ නඩුව විභාග කරන්න එපා කියලා කිව්වා. මාරු වීමක් දෙන්නම් කියලත් කිව්වා. ඒකට එයා කිව්ව මම මේ නඩුව විභාග කරන්නේ නැතිව ඉන්නම්, මට කොළඹට මාරුවක් දෙන්න කියලා කිව්වා. එයාට මාරුවීමක් දුන්නයි පස්සේ තමා සූසෙයි දාසන් ව පත් කළේ.

එයාව කරපු හේතුව මොකක්ද කියලා දන්නවා ද.? ජෝශප් පරරාජසිංගම් කතෝලක කෙනෙක් නේ. එයාව ඝාතනය කළේ, පල්ලියේ දී. එයාව දෙමළ හෝ මුස්ලිම් විනිසුරුවරයෙක් නිදහස් කරන එකට වඩා කතෝලික විනිසුරුවරයෙක් නිදහස් කරන එක වාසියක් වෙන නිසා තමා සූසෙයි දාසන්ව පත් කළේ.

මෙහෙම කරමු කියලා කතා කරගෙන තමා පත් කිරීම කළේ. මම තමා මේවා කළේ. මේ හැමදෙයකටම මගේ ළඟ සාක්ෂි තියෙනවා. පිල්ලෙයාන්ට විරුද්ධව ගොඩාක් සාක්ෂි තිබුණ නිසා තමා ගෝඨාභය ජනාධිපති වෙලා පිල්ලෙයාන් ව නිදහස් කරගන්න අවුරුද්දක් විතර ගියේ. මුලින් නීතිපතිවරයා බැහැ කිව්වා. එහෙ විනිසුරු නවාස් කියලා කෙනෙක් ඉන්නවා. එයා එක්ක බැසිල් කතා කළාම කිව්වා, උසාවියට පෙත්සමක් දාන්න කියලා. එයා කියපු විදිහට කාමර අංක 121 ට දැම්මා.

අචල වෙංගප්පුලි, දේවිකා කියන විනිසුරුවරුන් එක්ක බැසිල් කතා කරලා එයාලාට උසස් වීම් දුන්නාම එයාලා දුන්න නියෝගයෙන් තමා පිල්ලෙයාන්ව නිදහස් කරගත්තේ. ආයෙත් කවුරු හරි මේ නඩුව ගොනු කරලා මං සාක්ෂි කිව්වොතින් හැමෝම හිරේ යයි. ජීවිත කාලයට ම නිදහස් වෙන්න බැහැ. මේක ඒ තරම් සැලසුම් කරලා කරපු වැඩක්.

ලංකාවේ නීති ක්ෂේත්‍රය කොයි තරම් දූෂිතයි ද කියලා කියන්න පිල්ලෙයාන්ගේ නඩුව හොඳ උදාහරණයක්. මේකට සම්බන්ධ වුණේ කියලා දන්නවා ද, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විනිසුරු නාවාස්, විනිසුරු වෙංගප්පුලි, විනිසුරු දේවිකා නීතිපති කාර්යාලයේ හිටපු නිලධාරින් කිහිප දෙනෙක්. ඊට පස්සේ සූසෙයි දාසන්, ශෂි මහේන්ද්‍රන් එයාත් විනිසුරුවරයෙක්.

මේ වගේ ගොඩාක් අය සම්බන්ධයෙන් මේ හැමදෙයක්ම කළේ, බැසිල් රාජපක්ෂ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂගේ නීති උපදේශක විදිහට හිටිය කෙනා තමා මේ හැමදෙයක් ම සම්බන්ධීකරණය කළේ. හිටපු නීතිපතිවරයා නිදහස් කරන්න ඉඩ දෙන්න ම බැහැ කිව්වා.

ඊට පස්සේ තමා නීතිපතිවරයා මාරු වෙනකම් ඉඳලා විනිසුරුවරුන්ව මාරු කරලා, අධිකරණයට පෙත්සමක් දාලා. ඊට පස්සේ සූසෙයි දාසන්ව පත් කරලා. ඒ දවස්වල මඩකලපුව අධිකරණයේ හිටියේ ඉසඩීන් තමා හිටියේ. එයා පිල්ලෙයාන්ට පක්ෂපාතී නැහැ.

ඊට පස්සේ අග්‍රාමාත්‍ය කාර්ලයෙන් එයාට කෝල් කරලා කිව්වා, මේ නඩුව ගැන ජනාධිපතිවරයා උනන්දුවක් දක්වනවා කියලා. මට ඒවා අදාළ නැහැ. ඕනේ නම් මාව කොළඹ මාරු කරන්න කියලා කිව්වා. ඊට පස්සේ එයාව කොළඹට මාරු කරලා‍, ඒ වෙනුවට සූසෙයි දාසන්ව දැම්මා. එයා පිල්ලෙයාන්ට පක්ෂපාතිව කටයුතු කළා.

මේ ගැන සම්පූර්ණයෙන් ම බැලුවේ ශෂි මහේන්ද්‍රන්. අපි මේ නඩුවට ශෂි මහේන්ද්‍රන්ව ඉල්ලුවාම ඒකට බැසිල් කිව්වා කතෝලික විනිසුරුවරයෙක් නඩු තීන්දුව දුන්නොත් තමා හොඳ. මොකද කිව්වොත් මැරුණ මන්ත්‍රීවරයා කතෝලික කෙනෙක්. එයා තීන්දුව දුන්නොත් හොඳයි නේ. කතෝලික නොවන කෙනෙක් මේ තීන්දුව දුන්නොත් බිෂෝප්ලා ප්‍රශ්න ඇති කරයි නේ. ඒ නිසයි මෙහෙම දෙයක් කළේ.."


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka