gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දෙවියන් වහන්සේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ උන් ඔක්කොම අතුගාලා දානවා – කුමාර වෙල්ගම

ඡන්දය සහ බලය බලාපොරොත්තුවෙන් පමණක් ක්‍රියා කරන බැවින් රටේ පවතින වත්මන් වැරදිවලට වගකිව යුතු ප්‍රධානතම වැරදිකරුවා වන්නේ ජනාධිපති යැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ දී ඊයේ පැවසීය.

සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධ විවාදයට එක් වෙමින් මේ බව කී ඒ මහතා එහිදී මෙසේ ද සඳහන් කළේය.

මමත් ඇමැතිවරයෙක් ලෙස වැඩ කළා. ඩොලර් හම්බ කරන හැටිත් දන්නවා. ඩොලර් හංගන හැටිත් දන්නවා. ඒ වගේම මේවා හොරකම් කරන තැන් වහන්නත් දන්නවා. මම විතරක් නෙමෙයි මේ තරුණ මන්ත්‍රීවරු ඇරෙන්න අනිත් සියලු දෙනා දන්නවා. මහජනතාව කොතරම් අමාරුවෙන් ද අද ඉන්නේ කියලා අපි දන්නවා. ඒ නිසා ජනතාවගේ චෝදනාවලට මම එකඟයි.

මම නම් ඇමැතිතුමාටවත් නිලධාරීන්ටවත් ඇඟිල්ල දිගු කරන්නේ නැහැ. මේ රටේ පාලකයෙක් ඉන්නවා. අගමැති කාලයේ මේක භාර ගත්තා. ඊට පස්සෙ අපි ජනාධිපති කෙරෙව්වා. ඒ එකසිය තිස් හතරෙන් මමත් එක්කෙනෙක්. මේ පැත්තේ අය ඡන්දෙ දෙන්න එපා කියද්දියි මම දුන්නේ. මේ පාලකයා දැන ගතයුතුයි කාටවත් හොරකම් කරන්න ඉඩ නොදී ඉන්න. පාලකයා කියන්නේ ජනාධිපතිතුමා. කවුරු හරි වැරැද්දක් කළා නම් එයාට විරුද්ධව ක්‍රියා කරන්න එතුමා දැන ගන්න ඕනෑ. හොඳම උදාහරණය අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් තානාපති කාර්යාලයකින් පැමිණිල්ලක් දැම්මම ගෝඨාභය මහත්තයා අදාළ ඇමැතිව ඉවත් කළා. මම ඡන්දෙ දුන්නු ජනාධිපතිතුමා බොරු කමිටුවක් දැම්මා. කමිටු ගැන අපි දන්නවානේ. ඔය කමිටු එකක්වත් වැඩ කරන ඒවා නෙමෙයි. ඒ කමිටුවෙන් මෙයාව නිර්දෝෂී කරලා එයාට ආපහු ඒ ඇමැතිකමම දුන්නා.

මම ඡන්දෙ දීපු ජනාධිපතිතුමා එයා නිර්දෝෂි කරලා ආයෙත් ඇමැතිකම දුන්න. එක වැරදියි. ඒ වෙලාවෙ අයින් කළා නම් ඉවරයි. එහෙම කළා නම් අනෙක් අයත් ඒ ආදර්ශය ගන්නවා. නමුත් එහෙම වුණේ නැහැ. මොකද අපි ඔක්කොම ඔය ඩොලර්වලට කැමතියි. මේක මේ යූඑන්පී ශ්‍රීලංකා ජේවීපී නෙමෙයි. අපි ඔක්කොම හොරු. අපි ඔක්කොම එකම බෝට්ටුවෙ මල්ලී…. රන්ජන් කියන්නෙ … ඒක ඇත්ත

ඉතින් මම ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා ලබන පාර ඡන්දයට එනවා නම් මේවා නිවැරදි කර ගන්න. ඔබතුමා තමයි මේකට වගකියන්න ඕනෑ. වෙන කවුරුත් නෙමෙයි. ඔබතුමා තමයි මේකෙ ප්‍රධානම වරදකරු. ඔබතුමා ඡන්දය බලාපොරොත්තුවෙන් බලය බලාපොරොත්තුවෙන් මේවට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ.

චැනල් ෆෝ ගැන නම් කියන්න දෙයක් නැහැ. නමුත් අමතක කරන්න එපා දෙවියන් වහන්සේ උඩ ඉඳන් බලාගෙන ඉන්නවා. දෙවියන් වහන්සේ දඬුවම් දෙන්න පටන් අරගෙන තියෙන්නෙ. ගෝඨාභය මහත්තයාට රටින් යන්නත් වුණා. තවත් කෙනෙක් හිඟා කන්න සූදානම් වෙනවා. මුං ඔක්කොට ම දඬුවම් ලැබෙනවා. දෙවියන් වහන්සේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ උන් ඔක්කොම අතුගාලා දානවා කියලත් මම කියන්න ඕනෑ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka