gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොටින්ගේ ආයුධ සහ රත්‍රං සොයා දින 03ක් පොලොව හාරයි

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී හිටපු කොටි ත්‍රස්ත සාමාජිකයෙකුගේ තොරතුරකට අනුව ආයුධ සහ රත්‍රං සොයා දින 03 ක් පුරා සිදුකරන ලද කැනීම් වලදී මෙතෙක් කිසිවක් හමු නොවූ බවට මුලතිව් පොලීසිය පවසයි.

මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා නිලධාරීන්, මුලතිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, ග්‍රාමසේවක, අධිකරණ වෛද්‍ය, පොලීසිය සහ පොලිස් විශේස කාර්ය බලකා නිලධාරීන් මෙම කැනීම් අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

පසුගිය 25 වනදා හිටපු කොටි ත්‍රස්ත සාමාජිකයෙකුගේ තොරතුරකට අනුව මුලතිව් පොලීසිය විසින් මුලතිව් අධිකරණයට දැනුම් දීමෙන් පසුව 25 වනදා සිට කැනීම් කටයුතු ආරම්භ කරන ලදි. කෙසේ වෙතත් 25 සහ 26, 27 යන දිනයන්හි සිදුකරන ලද කැනීම් වලදී කිසිවක් හමු නොවීමෙන් කැනීම් තාවකාලිකව නවතා සැමීමට පියවර ගන්නා ලදි.

කෙසේ වෙතත් දින 3 ක් පුරා පස්කපන යන්ත්‍රද යොදාගනිමින් කැනීම් සිදුකල අතර එහිදී අඩි 30 කට වැඩි ගැඹුරක් සහ අඩි 15 කට ආසන්න පලළකින් යුතු වලක් හෑරුවද කිසිවක් හමු නොවීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka