gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“මට සමාවෙන්න මම හිජ්රා ගැන බොරු කිව්වා”.. - ජමීල් ඔහුගේ බිරිඳට දුන් අවසන් පණිවිඩය

1982 දෙසැම්බර් මස 18 වැනිදින උපත ලබනු ලැබූ අබ්දුල් ලතීෆ් ජමිල් මොහොමඩ් නමැති පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ ප්‍රකට පාසලක ඉගෙනුම ලැබූ ඉහළ මධ්‍යම පන්තියට අයත් පවුලක සාමාජිකයෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියාවක් සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ඔහු රැඩිකල්කරණයට ලක්වන්නේ එහිදී බව විශවාස කෙරේ. ඉන් පසු ඔහු 2013 වර්ෂයේදී මෙරටට පැමිණ ඇති අතර සති කිහිපයක් ඇතුළත ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදී සංවිධානයේ මතවාදයට නැඹුරුව මෙරට පුද්ගලයින් පිරිසක් ඒකරාශී කරගෙන පර්ල් ඔෆ් විස්ඩම් නමැති සමාජ සංවිධානය ආරම්භ කර තිබේ.

2012 නොවැමබර් 12 වන දින තුර්කිය හරහා සිරියාවට යෑමේ බලාපොරොත්තුවෙන් එහි ගොස් ඇති ජමීල් එය අසාර්ථක වූ පසු වහාම යළිත් මෙරටට පැමිණ ඇත. පැමිණීමෙන් පසු ඊට පෙර ආරම්භ කළ සංවිධානයේ සමාජිකයින් ඒකරාශී කරගෙන ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාකාරකම් ප්‍රචාරය කිරීම සහ පිරිස් බඳවා ගැනීම සඳහා ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සංවිධානය ආරම්භ කර තිබේ. තම සංවිධානයේ සාමාජික මොහොමඩ් හුස්නිගේ මංගල්‍යයට සහභාගී වීම සඳහා 2016 ඔක්තෝම්බර් 14 වැනිදින ඔහු කල්මුණේට ගොස් ඇති අතර ඔහුට සහරාන් හමුවන්නේ එහිදීය.

ජමීල්ගේ අන්තවාදී කටයුතු පිළිබඳ පළමු බුද්ධි අංශ වාර්තාව වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලබන්නේ 2015 ජූලි 20 වැනි දිනය. ඉන් පසු අවස්ථා හතරකදී මෙම පුද්ගලයා ගැන විමර්ශනය කරන ලෙස ඉල්ලා රාජ්‍යය බුද්ධි සේවාව ලිඛිත වාර්තා යවා ඇත. එසේම යුද හමිඋදා බුද්ධි අංශද ජමීල් ගැන 2015 සිට ආවේක්ෂණය කර ඇති බව ඔහුගේ සහෝදරයා වෝ හකීම් ද තහවුරු කර ඇත. තම සහෝදරයා අන්තවාදයෙන් බේරා ගැනීම සඳහා හකීම් අවස්ථා ගණනාවකදී ජමීල්ට උපදෙස් ලබා දී ඇත.

විමර්ශන් වාර්තා වලට අනුව 2018 අප්‍රේල් 12 වනදින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ජමිල් කැඳවා ඇතත් සුළු ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු නිදහස් කොට ඇත. ජමිල් සිය බෝම්බය පුපුරුවා ගැනීම සඳහා ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණියත් එය අසාර්ථක වූ පසු දෙහිවලදී තම බෝම්බය පුපුරුවාගෙන මියැදෙන්නේය.

ජමීල්ගේ බිරිඳ ෆාතිමා ශිෆානා විසින් බෝම්බ ප්‍රහාරයෙන් පසු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ ලබා දී ඇති ප්‍රකාශය කෙරෙහි අවදානය යොමු කිරීම වැදගත් වන්නේ මෙමෙ කරණයේ ඇති සැබෑ තත්වය තේරුම් ගැනීම සඳහාය.

2019 අප්‍රේල් 19 වැනිදා රාත්‍රී 10 ට ජමීල් සිය මිතුරන් සමග ගමනක් යන පවසා නිවසින් පිටව ගොස් ඇති අතර හැකි වුණොත් සඳුදා යළි පැමිණෙන බව සඳහන් කොට ඇත. ඔහු නිවසින් පිටව ගිය පසු සාමාන්‍යයෙන් ඔහුගේ ජංගම දුරකථනය අක්‍රිය කරන බව ඇය සඳහන් කරඇත.

කෙසේ වෙතත් 2019 අප්‍රේල් 21 වැනි දින අලුයම 03.00 ට පමණ සිය බිරිඳගේ දුරකථන අංකය වන 077XXXXX77 වෙත වට්ස් ඇප් ඔස්සේ හඬ පණිවිඩයක් ලබා දෙමින් මෙසේ සඳහන් කර තිබේ. “Shifana I’m sorry I lied about Hijra. I’m going to meet Allah soon or might come. You can show this to the police if you want.”

ඇය මෙම පණිවිඩය දැක ඇත්තේ එදින උදෑසන 9.00 ට පමණය. ඉන් පසු 9.30 ට පමණ අදාළ පණිවිඩය ගැන ජමීල්ගේ සොහොයුරා වන හකීම් අමතා ඇය සිය ස්වාමි පුරුෂයාගෙන් ලැබුණු හඬ පණිවිඩය ගැන දැනුවත් කර තිබේ. එසේම එම පණිවිඩය ඔහුගේ ජන්ගම දුරකතනයට යොමු කොට ඇත. “මම හඬ හඬා කෝල් කරපු නිසා හකීම් අයියා ඇහුවා ඇයි කියලා. මට කියා ගන්න බැරි නිසා ජමීල් එවපු මැසේජ් එක මම හකීම් අයියාට ෆෝවර්ඩ් කළා,” ජමීල්ගේ බිරිඳ ප්‍රකාශ කර තිබේ.

එසේම ජමීල්ගේ ගමන් බලපත්‍රය සොයා ගැනීමට නොහැකි වූ නිසා බිරිඳ ඇතුළු පවුලේ බොහෝ දෙනෙකු අනුමාන කොට ඇත්තේ ජමීල් සිරියාවේ ගොස් ඇති බවය.

ඉන් පසු උදෑසන දහයට පමණ ජමීල්ගේ සහෝදරයා වන හකීම් ඔහු කාලයක් තිස්සේ දන්නා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු අමතා ඇත. එහිදී ජමිල්ගේ බිරිඳට වහාම වැල්ලම්පිටිය පොලිසියට ගොස් පැමිණිල්ලක් දැමීමට කියන්නැයි එම පොලිස් නිළධාරියා හකීම්ට කියා ඇත. නමුත් ඇයට ඉන් ප්‍රශ්නයක් විය හැකි බව සඳහන් කොට ඇති හකීම්, පොලිස් නිළධාරියාගෙන් විමසා ඇත්තේ 2015 සිට ජමීල් ගැන ආවේක්ෂණය කළ ටීඅයිඩි එකට කිව්වොත් හොඳ නැද්ද කියාය. එහෙත් එහිදී ඔහු කියා ඇත්තේ අද දින ඉරිදා බැවින් ටීඅයිඩි නිවාඩු බවය. ඒ වන විට බෝම්බ පිපිරීම් ගැන ජන මාධ්‍යය ඔස්සේ වාර්තා වීමට පටන් ගෙන තිබුණි.

මේ අතර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, හකීම්ගෙන් ලැබුණු තොරතුරු වහාම හමුදා බුද්ධි අංශයට සහ රාජ්‍යය බුද්ධි සේවාවට ලබාදී ඇත. ඒ පෙරවරු 10.00 – 10.30 අතරය. එහි ප්‍රතිඵලය ලෙස බුද්ධි අංශ සාමාජිකයින් පස්වරු 12.30ට පමණ ජමීල්ගේ නිවසට ගොස් ඇත.

මේ අතර තුර ජමීල්ගේ බිරිඳ යළිත් හකීම් අමතා ඇති අතර එහිදී ජමීල් වැල්ලවත්තේ පල්ලියක සිට ඇය ඇමතු බව සඳහන් කර ඇත. එහිදී ඔහු වැල්ලවත්තේ පල්ලියක සිටින බවත් අමීර් කියල කෙනෙක් ඔහුව සැක කරන නිසා ඇයට පවුල් ආරවුලක් නිසා පල්ලියට පැමිණ ඇති බවත් කියන ලෙස ඉල්ලස සිටි බවත් ය හකීම්ට දැනුම් දෙනු ලැබීය. එසේම ඇය අමීර් නැමැත්තාට ජමීල් පවුල් ආරවුලක් නිසා ගෙදරින් පිටව ගිය බවද සඳහන් කළ බවද තහවුරු කර ඇත.

ඉන් පසු එම දුරකථන අංකය ඉල්ලා ගෙන ඇති හකීම් 2016 සිට ජමීල් ගැන තොරතුරු සෙවීමට පැමිණි නිසා ඔහු හඳුනා ගත් පොලිස් මූලස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එම අංකය ලබා දී ඇත. ඒ අතර තුර හකීම්ගේ නිවස ඉදිරිපිට තිබූ ඉල්හාම්ගේ නිවසේ බෝම්බයක් පුපුරා ගොස් ඇත. ඉන් පසු හකීම් දෙමටගොඩ පොලිසියට රැගෙන යන ලදි. මේ අතර පොලිස් නිළධාරීන් ජමීල් සිටින ස්ථානය ගැන සොයා ගැනීමට උත්සහ කළහ.

එහෙත් අසල පිහිටි පල්ලියට ගොස් ත්‍රිරෝද රථයකින් දෙහිවල ට්‍රොපිකල් නාවතැන් පළට පැමිණි ජමිල් පස්වරු 1.30 ට පමණ සිය බෝම්බය පුපුරුවාගෙන මරණයට පත්වේ. එහි සිටි සිවිල් වැසියන් දෙදෙනෙකුද එහිදී ජීවිතක්ෂයට පත්විය.

ජමීල් පිළිබඳව යම් පාර්ශ්වයන් වැරදි තොරතුරු සමාජගත කර ඇති ඇති නමුත් ඉහත තොරතුරු අනුව ජමීල් යනු 2015 සිටම බුද්ධි අංශ විසින් ආවේක්ෂණය කළ පුද්ගලයෙක් බව අවබෝධකර ගත හැකිය. එසේම ඔහුගේ අන්තවාදී හැසිරීම් ගැන ඔහුගේම පවුලේ සාමාජිකයින් ඉතාම කනස්සලෙන් පසුවූ බව පෙනේ. මෙහිදී අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ විමර්ශන අංශ විසින් ඔහු කැඳවා නිවැරදි තොරතුරු අනාවරණ නොකර නිදහස් කිරීම ඉතා කනගාටුදායක කාරණයක් බවයි.

යොමුව මෙතනින්…

Sri lanka guardian පලවූ ලිපියක සිංහල පරිවර්ථනයයි..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka