gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිවාස තනා දෙන්නට ලබා ගත් කෝටි 5කට අධික මුදලත් අරන් දේපල වෙළෙඳාම් සමාගමක් කළ යුවල අතුරුදහන්!

මහනුවර කටුගස්තොට  මහයියාව ප්‍රදේශයේ දේපොළ වෙළෙඳාම් පුද්ගලික සමාගමක හිමිකරු සහ ඔහුගේ බිරිය විසින් ඉඩම් කට්ටි කර ලබා දෙන බව පවසා රුපියල් කෝටි 05කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධව මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම වංචාවට සම්බන්ධ සැකකරු මුතුතන්ත්‍රීගේ ජූඩ් ප්‍රනාන්දුය. සැකකාරිය එගොඩහ හාලිඇල ගෙදර ශ්‍රීමතී තිස්සකුමාරිය.
 
කටුගස්තොට ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිවී සිටි මේ යුවල ඔවුන්ගේ ව්‍යාපාර ස්ථානය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට මාසිකව රුපියල් ලක්ෂ 03ක කුලියක් ගෙවා ඇති බව ද හෙළි වී තිබේ.

පසුව ගනුදෙනුකරුවන්ගෙන් ලබා ගත් කෝටි ගණනක මුදලත් සමග හිටිවනම පදිංචිය අත් හැර අතුරුදහන් වී ඇත.

මෙම සැඟවී පලා ගිය යුවල  කළ  වංචාව සම්බන්ධව මේ වනවිට  පැමිණිලි නවයක්      මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලැබී තිබේ.

පැමිණිලිකරුවන් පවසා ඇත්තේ ඉතාම අලංකාර භූමින්හි ඉදි කිරීමට යෝජිත බව සඳහන් නිවාස සැලසුම් පෙන්වා  නිවාස ඉදිකිර පවරාදීමේ පදනම මත රුපියල් මිලියන ගණන් අත්තිකාරම් ලෙස ලබාගෙන මෙම යුවල පලා ගොස් ඇති බවය.  මේ අතර රුපියල් කෝටියක අත්තිකාරම් මුදලක් ලබා දුන් පුද්ගලයේ ද සිටින බව විමර්ශන අංශ කියයි.

වාර්තාවන පරිදි මෙම යුවල ගනුදෙනුකරුවන්ට පෙන්වා ඇත්තේ වෙනත් පුද්ගලයින් සතු ඉඩම් බවත් පසුව කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකාර යුවළ දේපොළ වෙළෙඳාම් ආයතනයට සමගාමීව අධ්‍යාපන ආයතනයක් ද පවත්වාගෙන ගොස් ඇතැයි පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත.

ඔවුන් පිළිබඳ තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka