ඇමතිට එරෙහි නඩුවට ගෙවන්න ක්‍රිකට් ලොක්කන් අත යටින් එවූ මිලියන 12ක මුදලක් නිසා NCC ක්‍රීඩා සමාජය ඇවිලෙයි!
ශ්‍රී ලංකාවේ පැරණිතම හා ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් වන කොළඹ එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ මේ ඉරිදා ( 17 ) පැවැත්වීමට තිබුණු වාර්ෂික මහා සභා රැස්වීම හා නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
මෙයට හේතුව වී ඇත්තේ ක්‍රීඩා සමාජ ගිනුමෙන් කෝටියකට වැඩි මුදලක් අනියත ලෙස ගෙවීම් කර ඇති බවට හෙළි වී තිබීමයි.
එන්.සී.සී ක්‍රීඩා සමාජයේ හිටපු සභාපති වරුන් පිරිසක් හා එහි භාරකාරවරුන් එක්ව මේ පිළිබඳව පරීක්ෂණයක් කරන මෙන් ඉල්ලා එතෙක් මහා සභා රැස්වීම නොපවත්වන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව ඉරිදා මහා සභා රැස්වීම කල් දමා තිබේ.
ක්‍රිකට් ආයතනයෙන් අදාල ක්‍රීඩා සමාජයට දී ඇති රුපියල් මිලියන 12 ක මුදල ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව ක්‍රිකට් ආයතනය මගින් පවරා ඇති නඩුවක නීතිඥ ගාස්තු වෙනුවෙන් ඇති බව වාර්තා වේ.
මෙම ගෙවීම් ක්‍රීඩා සමාජය මගින් සිදු කර ඇත්තේ භාණ්ඩාගාරිකවරයා හෝ විධායක සභාව දැනුවත් නොකර සභාපති හා ලේකම්වරයාගේ තනි කැමැත්තට බවත් වාර්තා වේ.
මෙය සහමුලින්ම ක්‍රීඩා සමාජයේ මූල්‍ය ක්‍රමවේදය උල්ලංඝනය කිරීමක් බව එන්.සී සී. ක්‍රීඩා සමාජ නිලධාරියෙක් පැවසීය
ලංකාසර
ඇමතිට එරෙහි නඩුවට ගෙවන්න ක්‍රිකට් ලොක්කන් අත යටින් එවූ මිලියන 12ක මුදලක් නිසා NCC ක්‍රීඩා සමාජය ඇවිලෙයි!
2023-09-15T08:10:00+05:30
Gossip Lanka Hot News






