gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාව 11 වැනි වරටත් ආසියානු කුසලාන අවසන් මහා තරගයට!

තියුණු තරගයකින් අනතුරුව කඩුලු 2කින් පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (14) සමත් විය.

ශ්‍රී ලංකාව මෙසේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ 11 වැනි අවස්ථාව මෙයයි.

ඒ අනුව එළඹෙන ඉරිදා (17) ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී ඉන්දීය කණ්ඩායම සමග ආසියානු කුසලානයේ අයිතිය උදෙසා තරග කරනු ඇති.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 ක අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 252ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගැනීමට සමත්විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන එමින් ලකුණු 91ක් රැස් කළේය.

පන්දු 87ක් තුළ ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 8ක් ඇතුළත් විය.

මෙන්ඩිස්ට අගනා සහායක් ලබාදුන් සධීර සමරවික්‍රම පන්දු 51කදී හතරේ පහර 4ක් සමග ලකුණු 48ක් රැස්කළේය.

අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවේදී ජයග්‍රහණය කරා රැගෙන යාමට චරිත් අසලංක සමත්විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 51කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 49ක් රැස්කරගත්තේය.

කඩින් කඩ ඇතිවූ වර්ශාව නිසා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය දෙපිලටම  පන්දුවාර 42කට සීමා විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 42ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 252ක් රැස්කරගත්තේය.

මොහොමඩ් රිස්වාන් ලකුණු 86කින් පාකිස්තාන ලකුණු පුවරුව ශක්තිමත් කළේය.

ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.

පාකිස්තානය වෙනුවෙන් හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමග පන්දු 69කදී ලකුණු 52ක් රැස්කරගැනීමට අබ්දුල් ශෆීක් සමත්විය.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 65කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.

ප්‍රමෝද් මධුශාන් ලකුණු 58කට කඩුලු 2ක් දවාගත්තේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka