gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා මාසයක් ඇතුළත නම් කරයි

මීළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න තවත් මසකින් පමණ ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඊයේ (14දා) පැවසීය. එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී එතුමා මේ බව කීවේය.

පසුගිය සති දෙකක් පමණ කාලයක් තුළදී ‘ජනාධිපතිවරු’ රොත්තක්ම එළියට ඇවිත් බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා නිසි වැඩපිළිවෙළක් ඇති දේශපාලනය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති වැඩක් කරලා පෙන්නූ හොඳ ජවයකින් යුතු අකුරු තුනක නමකින් යුතු අයකු යැයිද පැවසීය.

එම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් ප්‍රකාශ කළ රංජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයට සහයෝගය ලබා දෙන්නේ රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා පමණක් බවයි. එහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ ඒ මහතා අස්වැසුමෙන් මේ රටේ දිළිඳු ජනතාවගේ ජීවන මට්ටම තහවුරු කිරීමේ පුළුවන්කමක් නොමැති බවත් පැවසීය.
 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka