gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මරණ තර්ජන හමුවේ මුලතිව් මහේස්ත්‍රාත් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි - සරත් වීරසේකරගෙන් තර්ජන!

මුලිතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

වෘත්තිය සම්බන්ධයෙන් ඇති වූ බලපෑම් සහ පවතින මරණ තර්ජන හමුවේ අදාළ තීරණය ගත් බවයි, ඔහු සඳහන් කළේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාවට යොමු කිරීමට කටයුතු කළ බව මාධ්‍ය හමුවකට එක්වෙමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.

කුරුන්දූර්මලෛ හෙවත් කුරුන්දි පුරාවිද්‍යා ස්ථානය සම්බන්ධයෙන් තමන් ලබා දුන් නියෝග වෙනස් කරන ලෙසට රජයෙන් බලපෑම් එල්ල වූ බවයි ඔහු අවධාරණය ක‌ළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ඇතුළු සිංහල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ දීත් පිටතදීත් ටී. සරවනරාජා මහතා ඉලක්ක කරමින් වෛරීසහගත ලෙස අදහස් පළ කළා.

ටී. සරවනරාජා මහතා සඳහන් ‌කළේ, මහේස්ත්‍රාත්වරයෙකු ලෙස තමන්ට ලබා දුන් පොලිස් ආරක්ෂාව ද අඩු කිරීමට කටයුතු කර තිබු බවයි.

එමෙන් ම බුද්ධි අංශ නිලධාරින් අඛණ්ඩව තමන් සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටි බව ද ඔහු එහි දී අනාවරණ කළා.

පසුගිය සැප්තැම්බර් මස 21 වන නීතිපතිවරයා තමන්ට කැඳවීමක් කර කුරුන්දූර්මලෛ හෙවත් කුරුන්දි පුරාවිද්‍යා ස්ථානය සම්බන්ධයෙන් ලබා දී ඇති නියෝගය වෙනස් කරන ලෙසට බලපෑම් කළ බවයි, එහි දී මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා හෙළිදරව් කළේ.

කුරුන්දූර්මලෛ හෙවත් කුරුන්දි පුරාවිද්‍යා ස්ථානය පිළිබඳව අභියාචනාධිකරණයේ තමන්ගේ නම සඳහන් කරමින් නඩු දෙකක් ගොනු කර ඇති බව ද ඔහු කියා සිටියා.

ඒ අනුව තමන්ට එල්ල වී ඇති මරණ තර්ජන සහ වෘත්තීය මට්ටමේ බලපෑම් හේතුවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි, මුලිතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔහු ඉල්ලා අස්වීමෙන් අනතුරුව රට හැර යාමට සූදානම් වන බව ද සඳහන්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka