චැනල් 4 නාලිකාවට එරෙහි නඩු ගොනු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.
ඒ, පසුගියදා එම නාලිකාවේ ප්‍රචාරය කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ වීඩියෝ පටය හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රාපජක්ෂ පවුලේ කීර්ති නාමයට හානි වී ඇති බව පවසමින්.
මෙම වීඩියෝ පටය ව්‍යාජ බවට චැනල් 4 නාළිකාවේ අධ්‍යක්ෂ හා විධායක නිෂ්පාදක පසුගියදා පිළිගෙන ඇති බව සඳහන්.
ඉන් තම පක්ෂ නායකත්වයට අපකීර්තිය සම්බන්ධයෙන් වන්දියක් ඉල්ලිය යුතු බව ද පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවැති සාකච්ඡාවක දී එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලෙයි සහ මෙම වීඩියෝවේ කතානායකයා අතර සම්බන්ධයක් නොතිබුණු බවට චැනල් 4 නාළිකාවේ ප්‍රධානීන් පිළිගෙන ඇති බැවින් අදාළ වාර්තාමය වැඩසටහන ව්‍යාජ එකක් බවට ඔප්පු වන බව ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.
මැතිවරණ සමයක් ළඟ එන මොහොතක මෙවැනි ක්‍රියා සිදු කිරීමෙන් පක්ෂයට විශාල හානියක් සිදු වනවා.
එම නිසා පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර කඩිනමින් තීන්දුවක් ගත යුතු බවයි, එම මන්ත්‍රීවරුන් අවධාරණය කර ඇත්තේ.