ඇමැතිවරු ආණ්ඩුවේ වියදමින් බුරුතු පිටින් රට සවාරි!
රට දරුණු මූල්‍ය අර්බුදයක ගිලී තිබියදී එය ගණනකට නොගෙන පසුගිය දින කිහිපය තුළ ආණ්ඩුවේ ඇමැතිවරුන් රැසක් විදෙස්ගත වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
කැබිනට් ඇමැතිවරුන් පස් දෙනකුට වඩා මේ වන විට විදෙස්ගතව සිටින බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ඔවුන් සමග ඔවුන්ගේ පවුල්වල ඥාති හිතවතුන්ද විදෙස්ගතව සිටින බවකි.
මේ සියලු දෙනා ආණ්ඩුවේ වියදමින් විදෙස්ගත වී ඇති බවත්, ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන්වල යෙදී ඇති බවත්, සුපිරි හෝටල්වල නවාතැන් ගෙන ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග විපක්ෂ මන්ත්‍රීවරුන් සූදානමින් සිටින්නේ ලබන පාර්ලිමේන්තු සතියේදී ඇමැතිවරුන්ගේ මෙම විදෙස් ගමන් පිළිබඳ සම්පූර්ණ තොරතුරු ඉල්ලා සිටීමටත්, ඒ සඳහා සහභාගි වූවන්ගේ තොරතුරු සහ ඊට වැය කළ මුදල් ප්‍රමාණයන් පාර්ලිමේන්තුව හරහා ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමටත්ය.
- mawratanews
ඇමැතිවරු ආණ්ඩුවේ වියදමින් බුරුතු පිටින් රට සවාරි!
2023-09-30T19:50:00+05:30
Gossip Lanka Hot News