gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සරත් වීරසේකර සහ ෆොන්සේකා ජනාධිපතිවරණයට එයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ අමාත්‍ය රොෂාන් රණසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් දේශය වෙත ලැබුණු වාර්තාවක සඳහන් වන්නේ සරත් ෆොන්සේකා මහතා දූෂණය පිටුදැකීමේ තේමාවෙන් කුඩා පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවයි. ඒ සදහා ඔහු දැනටමත් ප්‍රාදේශීය මට්ටමින් ජනහමු අමතමින් සිටී. එහෙත් ඔහු මෙතෙක් තමන් දරන සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් ඉවත්ව නැත.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ජාතික බලවේග පදනම් වූ සංවිධානයක් හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇතැයි සඳහන් වෙයි. හිටපු පළාත් ආණ්ඩුකාරවරියන් සහ හිටපු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ ප්‍රධානීන් ගණනාවක් වීරසේකර මහතාගේ දේශපාලන ව්‍යාපෘතියේදී ඔහුට සහය පළ කර ඇතැයි දැනගන්නට තිබේ. අමාත්‍ය රොෂාන් රණසිංහද ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන දැන් ප්‍රාදේශීය වශයෙන් ජනතාව දැනුවත් කරමින් සිටී. ඔහු පසුගිය සතියේ මහනුවර සහ මාතලේ එවැනි රුස්වීම් දෙකක් පවත්වා ඇත.

ඉරිදා දේශය පුවත්පත


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka