gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“පාස්කු දින එල්ල වූ මෙම ප්‍රහාරයට රාජපක්ෂවරුන් වගකිව යුතුයි” – මර්වින් සිල්වාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)

2019 වසරේ අප්‍රේල් 21 පාස්කු දින සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 නාලිකාව හෙළිදරව් කරනු ලැබූ තොරතුරු තමන් ඉහළින්ම පිළිගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසනවා.

ඊයේ (05) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පාස්කු දින එල්ල වූ මෙම ප්‍රහාරයට රාජපක්ෂවරුන් වගකිව යුතු බවයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.

“ පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශයෙන් දැනුම්දීමක් කළා.. ඉන්දියාවෙනුත් මේ පිළිබඳ ඔත්තුවක් දුන්නා.. දුන්නාම රටේ රාජ්‍ය නායකයා මේ ගැන දැනගත යුතුයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා.. දැනගත යුතුමයි.. විපක්ෂයේ හිටපු රාජපක්ෂ ඇතුළු පිරිස දැනගත යුතුමයි.. ඉහළ පෙළේ Top Level දේශපාලනඥයෝ දැනගත යුතුමයි.. ඒ කුමන්ත්‍රණය තමයි මේ විශාල විනාශය හරියට කෝදුරුවෙක් හා සමානව පොඩි කරලා හිතලා දැම්මා එළියට මේක ගැන සැකයක් තියෙනවා මේක ඇතිවෙන එකක් නැත කියලා.. මේක ලොකු කුමන්ත්‍රණයක්.. මොකක්ද මේ කුමන්ත්‍රණය, මෛත්‍රීපාල සිරිසේනට කොන්ද පණ නැති නිසා ඒ මහත්තයාගේ.. රාජපක්ෂලාට බලය ගන්න අවශ්‍ය නිසා.. එතුමා සිංගප්පූරු ගියා.. ඉතිං එතුමා දන්නේ දවස් එකහාමාරකට පස්සේ.. එතුමා නිදන්ගත වෙලා.. කාමරයක් ඇතුළේ එයා නිදන්ගත වෙලා.. මම කියන්නේ කාදිනල්තුමා කියන එක හරී.. මම එතුමාට ගෞරව කරනවා.. මේක විශාල සම්බන්ධයක් තියෙනවා ප්‍රධාන පෙළේ දේශපාලනඥයෝ දැනගෙන රාජපක්ෂවරුන්ට මේ බලය ගන්න මේ විනාශය කරාද? ඒකට අනිත් අය උල්පන්දම් දුන්න ද කියලා? ඒක නෑ කියන්න බෑ කාටවත්..

Channel 4 කියන එක මම ඉහළින්ම පිළිගන්නවා.. සමහර මාධ්‍ය මේක සුළු කොට තකනවා.. මේක බරපතළ ප්‍රශ්නයක්.. මම දැක්කා ටී.වී එකේ පියතුමන්ලා දෙනමක් උසාවි නග්ගලා සලෙයි කියන ආරක්ෂක ප්‍රධානියා.. මම සලෙයි මහත්තයාට කියනවා, සලෙයි මහත්තයා වැලේ එල්ලෙන්නේ නැතිව, ගහක හරි බදාගෙන ඉන්න ප්‍රවේසමෙන්.. වැරදි වුණා නම් වැරදි පිළි අරගන්න.. මම මේවට බය මිනිහෙක් නෙමෙයි.. මේකට වගකිව යුතුයි එදා හිටිය රාජ්‍ය නායකයින් රාජපක්ෂලා..”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka