gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“මගේ කංසා නීතිගත කිරීමේ සටන මං දිනුවා, අද මට සතුටු වෙන්න පුළුවන් දවසක්” – ඩයනා ගමගේ

මෙතරම් කාලයක් තමා සටන් කළ කංසා නීතිගත කිරීම හා අපනයනය මඟින් විදේශ විනිමය ගෙන ඒමට ආයුර්වේද පනත හරහා පියවර ගැනීම පිළිබඳව සතුටු වන බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

ඇය වැඩිදුරටත් දක්වන්නේ ශ්‍රී ලංකාවේ වැවෙන කංසාවල මත්වන ගතිය අඩු බවත්,අපේ රටේ කංසා වර්ග බොහෝමයක් පවතින බවත් නමුත් ඒවා පිළිබඳව පරික්ෂා කිරීමට පර්යේෂණාගාරයක් හෝ අප රටේ නොමැති බවයි.

කංසා නීතිගත කිරීමත් සමඟ තායිලන්තය මාස 5ක් ඇතුළත ඩොලර් මිලියන 300ක් උපයා ඇති බවත් අපේ රටටද අවුරුද්දක් ඇතුළත ඩොලර් බිලියන 6ක් උපයාගත හැකි බව තමා ආයෝජන මණ්ඩලයට යොමු කළ යෝජනාවල දක්වා ඇති බවත් අමාත්‍යවරිය පවසනවා.

ඇය පවසන්නේ කංසා නීතිගත කිරීම යනු හිතුමතේ ඕනෑම පුද්ගලයෙකුට කංසා වගා කිරීමට සහ පාවිච්චි ඉඩ ලබා දීම නොවන බවත් තමා කතා කරන්නේ මෙයින් රටට ලබා ගත හැකි විනිමය පිළිබඳව බවයි.

අමාත්‍යවරිය වැඩිදුරටත් පවසන්නේ කාන්තාවක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස තමා ආරම්භ කළ සටන දිනා ගැනීම ගැන ආඩම්බර වන බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka