gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බලයට මුවා වී හැංගෙන්න නැතිව වරද කළා නම් පිළිගන්න… අපි සූදානම් සමාව දෙන්න… අපට අවශ්‍ය ඇත්ත පමණයි! - කාදිනල් හිමි

එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ගොස් අලංකාර කතා පවත්වා ඉන් අනතුරුව කොක්ටේල් පාටිවලදී හමුවන ලෝක නායකයන් සමග අතට අත දී ඡායාරූප පලකිරීම පමණක් රටක නායකයෙකුට ප්‍රමාණවත් මදි බවත්, නායකයෙක් නම් තමන් දරන තනතුරට ගෞරව කර තමන් එම නායකත්වයට සුදුස්සෙක් බව පෙන්වා දිය යුතු බවත් කොළඹ අගරද ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

ලෝකයම කම්පා කළ මහා මිනී මැරුමක් සිදුවී ඒ සම්බන්ධව රටේ ප්‍රධාන පාර්ශව සම්බන්ධව සැක මතුකරමින්  තවමත් එය විසඳාගත නොහැකිව තිබෙද්දී    මේ රටේ නායකයට   විදේශීය රටවල්වල සංචාරයේ  නිරත වෙමින් අත් පොරවාගෙන සිටීමට නොහැකි බව කී කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්නේ මේ තරම් කරුණු හෙළිදරව් වෙමින් ඇති අවස්ථාවක දැන්වත්  ලෝකයට පිළිගත හැකි අන්තර්ජාතික ස්වාධීන පරීක්ෂණයක්  ලබා දිය යුතු බවය.

කාදිනල් හිමිපාණන් මේ බව පැවසුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අද  පස්වරුවේ පැවති විශේෂ දේව මෙහෙයකට එක් වෙමිනි.

එක එක දේවල් එක එකවෙලාවට ඒ ගොල්ල තීන්දු කරන්න ගත්තා ඒකයි උනේ අරකයි උනේ කියලා. නමුත් ඒවා කිව්වට  තව තවත් අලුත් කරුණු කාරණා එළිදරවු වෙමින් පවතිනවා. අන්තවාදි තරුණ කණ්ඩායමක්  නෙමෙයි ඊට වඩා ලොකු අදිසි හස්ථයක් මේකට සම්බන්ධ වූ බවට දැන් කරුණු කරාණා මතු වෙමින් එනවා.

ඒකට සමහර අයට තරහා යනවා ඇති. එයාලගේ නම් කියැවෙනවා මේ කාරණාවේ දී. එයාල ඒවට සම්බන්ධ නැතිනම් එයාලා බය වෙන්න ඕන නෑ. උඩින් පල්ලෙන් විමර්ශනයක් කරලා ඒකයි උනේ අර විදිහටයි උනේ අරයයි කළේ කියලා කොලේ වහලා දාන්න අපට ඉඩ දෙන්න බෑ.

මට තේරෙන්නෙ නෑ  මේ රටේ නායකයන් මේකට  මෙච්චර බය ඇයි කියලා. එහෙමනම් අපට හිතෙනවා මේ ගොල්ල මේ ඇත්ත හොයන්න මෙච්චර බය  ඒගොල්ල මේ අපරාධයට  සම්බන්ධ ඇති.

එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ගිහින් ලස්සන කතාවක් දීලා ආවට මදි.  කොක්ටේල් පාටිවලට ගිහින් ලෝක නායකයොත් එක්ක කතා කරලා පින්තූර ගැහුවට මදි. තමන් දරන තනතුරට ගෞරව කරන්න ඕන. තමන් දරන තනතුරට තමන් සුදුස්සෙක් කියලා පෙන්වන්න ඕන. මේ වගේ මහා මිනී මැරුමක් තවමත් අපට විසඳගන්න බැරිව මේ රටේ නොයෙකුත් පාර්ශවයන් පිළිබඳව සැක ඉපදිලා ඇති වෙලාවක මේ රටේ නායකයට බෑ විදේශීය රටවල්වල සංචාරය කරමින් මට ඕකෙන් වැඩක් නෑ කියලා අත්දෙක බැඳගෙන ඉන්න.

එහෙමනම් ඒ තනතුරින් ඉල්ලා අස්විය යුතුයි. තනතුරේ ඉන්නවා නම් තනතුරේ වගකීම ඉටුකළ යුතුයි. ඒ නිසා මේ අවස්ථාවේ දී අපේ රටේ නායකයගෙන් ඉතාම ඕනෑකමින්  ඉල්ලා සිටිනවා මෙන්න කරුණු හෙළිදරව් වෙමින් පවතිනවා. ඒ නිසා දැන්වත් කරුණාකරලා අපි ඉල්ලන මේ ජාත්‍යාන්තරයට පිළිගත හැකි න්‍යාය ධර්මයන් අනුව සිදුවන පරීක්ෂණයක් පවත්වන්න. අවංකකම කියන්නේ බලය පිටිපස්සෙ හැංගෙන එක නෙමෙයි. වරද කළානම් වරද පිළිගන්න. අපි සමාව දෙන්න සූදානම්.

මේ ශ්‍රේෂ්ඨ ආගම් අදහන මිනිස්සු හැටියට අපට පුලුවන් ඒක කරන්න. එහෙම කරන්න බැරිනම් අපි පළි ගන්නවා නම්  අපි ආගම් ඇදහීමෙන් මොකක්ද තියන තේරුම. අපිට පළි ගන්න ඕනෑකමක් නෑ. අපට ඕන කරන්නේ සත්‍යය.

කාදිනල් හිමියෝ කීහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka