gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවට ශ්‍රී.ල.නි.ප.ය එක්වීමට විරුද්ධ වූ දයාසිරි පන්නා මෛත්‍රි යළි රනිල් එක්ක එක් වෙන්න යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමස්ථ පක්ෂය ලෙසින් රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වය යටතේ ආණ්ඩුවට එක්වීමට මහලේකම්වරයා ලෙස දැඩිව විරෝධය පල කිරීම නිසා දයාසිරි ජයසේකර පක්ෂයේ මහලේකම් ධූරයෙන් පන්නා දමා පක්ෂ සාමාජිකත්වයත් අත්හිටුවීමේ බරපතල තීරණය පක්ෂ නායක සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රැගෙන ඇති බව  වාර්තා වේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අඩක් මේ වනවිටත් පක්ෂයෙන් බිඳි ආණ්ඩුවට එක් වී ඇත. ඒ තත්ත්වය තුළ දැනට ආණ්ඩුවේ  කැබිනට් අමාත්‍ය ධූර දරන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මුලුමනින්ම ආණ්ඩුවට එක් කරගැනිම සඳහා ආණ්ඩුවේ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් සමග සාකච්ඡා ආරම්භ කර තිබී ඇත

කෙසේ වෙතත් පක්ෂයේ මහලේකම් ලෙස දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එක්වීම පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  දේශපාලනය ද අවසන් කරන ඉතාම වැරදි තීන්දුවක් බව දක්වමින් දැඩි සේ විරෝධතාවය පල කර තිබේ.  කෙසේ වෙතත් මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන ඇතුළු බහුතර කණඩායමේ මතය වී ඇත්තේ පවතින තත්ත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට  පැවැත්මක් තිබෙන්නේ ආණ්ඩුව සමග එක් වී  දැනට කරගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දිමෙන් පමණක්  බවය.

මේ සම්බන්ධව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායකත්වය සහ ආණ්ඩුවේ ප්‍රධානීන් සමග දිගින් දිගටම සාකච්ඡා පැවැත්වූ බවත්,  මේ ආකාරයෙන් ආණ්ඩුවට එක්වීම පිළිබඳ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මුල සිටම විරුද්ධත්වය පල කිරීම නිසා පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන ඔහු සමග දැඩි අමනාපයෙන් පසුවී ඇති බවත් වාර්තා වේ.

අවසාන වශයෙන් දයාසිරි ජයසේකර මහලේකම් ධූරයෙන් ඉවත් කර, පක්ෂ සාමාජිකත්වය ද අත්හිටුවා වැඩ බලන මහලේකම් ලෙස සරත් ඒකනායක පත් කරගැනීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එක්වීමේ සාකච්ඡා සාර්ථකව පවත්වාගෙන යන බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka