gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ශානක්‍යන් මන්ත්‍රීතුමා ළඟ තිබෙන සාක්ෂි ඉදිරිපත් කරන්න” – මන්ත්‍රීවරයෙක් විදිහට යුතුකමක් තියෙනවා ඒ සාක්ෂි CID එකට දෙන්න‍” – විජේදාස කෙලින්ම කියයි

2019 වසරේ අප්‍රේල් 21 වැනි පාස්කු දිනය දා සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සොයා ගැනීම සිදුකළ යුත්තේ ගැටුම් ඇතිකර ගෙන නොවන බවත් එය පාර්ලිමේන්තුවේ සිටින සැමගේම වගකීමක් බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පාස්කු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් යම් තාක් දුරකට යුක්තිව ඉටු කර ඇත්තේ අධිකරණය බවයි.

“ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය ගවේෂණය කර ගත යුතුමයි.. එතකොට ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් යම් තාක් දුරකට යුක්තිය ඉෂ්ඨ කරලා තියෙන්නේ අධිකරණය තමයි.. අධිකරණ නඩු තීන්දු ගණනාවක් දීලා තියෙනවා.. මේ වනවිට අධිකරණයේ තිබෙනව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ චූදිතයෝ 79 දෙනෙකුට විරුද්ධව අධිචෝදනා පත්‍ර 42ක් ගොනු කරලා තියෙන්නේ.. ඉතිං ඒ කටයුතු අධිකරණය විසින් අවංකව, ස්වාධීනව, අපක්ෂපාතීව ඉටු කරගෙන යනවා.. මෙතෙක් ඉටු කරලා තිබෙනවා..

ෂානක්කියන් මන්ත්‍රීතුමාට අගතියක් වුණත් සාධාරණය ඉටු කරගන්න යන්න තියෙන්නේ ඒ අධිකරණයටම තමයි.. මවුලානා කියන තැනැත්තා චැනල් 4 එකට දුන්නේ නැති ප්‍රකාශ එතුමා ළඟ තියෙනවා.. එතුමා ඒක ඊයේ පාර්ලිමේන්තුවේදී වාදනය කරලා පෙන්නුවා.. එතකොට ඒක චැනල් 4 එකෙත් නැහැ.. එතකොට මවුලානා විශේෂ ප්‍රකාශයක් ෂානක්කියන් මන්ත්‍රීතුමාට දීලා තියෙනවා.. හෝ ඔහු හොයා ගෙන තිබෙනවා.. එහෙම නම් ඒ සම්බන්ධව මම දැක්කා ඇහුන විදිහට මේ වර්තමාන නීතිපතිවරයාත් මේකට පටලවන්න උත්සාහයක් අරගෙන තිබෙනවා..

ඒක ඉතාමත්ම නින්දිත අසාධාරණ ක්‍රියාදාමයක්.. එහෙම නම් මේ කටයුත්ත සාර්ථකව ඉටු කරන්න, සත්‍ය ගවේෂණය කරන්න, පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉෂ්ඨ කරන්න ඒ ෂානක්කියන් මන්ත්‍රීතුමා ළඟ තිබෙන සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ.. ඒක චැනල් 4 නාලිකාවේ කියනකම් ඉන්න ඕනේ නැහැ… ඔහුට යුතුකමක් තියෙනවා පුරවැසියෙක් විදිහට විශේෂයෙන්ම මන්ත්‍රීවරයෙක් විදිහට ඒ සාක්ෂි ගිහිල්ලා C.I.D. එකට ඉදිරිපත් කරන්න..‍”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka