ජනපති චැනල් 4ට කණ පැලෙන උත්තරයක් දෙන්න යයි… විශේෂ විමර්ශන කමිටුව තේරීමේ වගකීම සාගලට… පාර්ලිමේන්තු කමිටුවේ වැඩ ප්‍රසන්නට
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාලව බ්‍රිතාන්‍යයේ “චැනල් 4” නාලිකාව මගින් විකාශනය කළ වැඩසටහනට අදාලව විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට තීරණය කර එම කමිටුව පත් කිරිමේ වගකීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට පවරා තිබේ.
ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව හා සිවිල් සේවය නියෝජනය කරන නිලධාරීන් තිදෙනෙකුගෙන් යුතුව මෙම කමිටුව පත් කිරීමට නියමිත බව පැවසේ.
ඊට අමතරව චැනල් 4 හෙලිදරව්ව පිළිබඳව සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා තීන්දු කර තිබේ.
එම කටයුතු ඉදිරියට ගෙන යාම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග වෙත පවරා තිබේ.
ජනපති චැනල් 4ට කණ පැලෙන උත්තරයක් දෙන්න යයි… විශේෂ විමර්ශන කමිටුව තේරීමේ වගකීම සාගලට… පාර්ලිමේන්තු කමිටුවේ වැඩ ප්‍රසන්නට
2023-09-09T10:21:00+05:30
Gossip Lanka Hot News






