gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තනතුරු නැතුව දයාට එන්න කියයි: තනතුරු නැතුව වැඩි කැමැත්තක් නෑ වගෙයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතාව තනතුරු නැතුව ඕනෑම අවස්ථාවක පක්ෂයකට බාර ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එම පක්ෂයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් මෙන්ම අනු සංවිධාන නියෝජිතයන් සමග කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදීය.

දයාසිරි ජයසේකර මහතාව පක්ෂයේ ලේකම් තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ට මෙහිදී දීර්ඝව කරුණු පැහැදිලි කර තිබෙනවා.

මෙහිදී තමන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට පක්ෂයේ සභාපති තනතුර හෝ ලේකම් තනතුර පිරිනැමීමට කිසිදු බලාපොරොත්තුවක් නැතැයිද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

'දයාසිරිට ඕනනම් ඕනම වෙලාවක එන්න පුළුවන්. හැබැයි තනතුරු ඉල්ලන්න බැහැ. තනතුරු දෙන්නෙත් නැහැ' යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතාට සමීප ආරංචි මාර්ග පවසනුයේ ඔහු තනතුරක් නොමැතිව පක්ෂයේ රැදී සිටීමට වැඩි කැමැත්තක් නොදක්වන බවයි.

මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක සහ ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka