gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය ඇමැති චානකගේ මාමණ්ඩිය ඝාතනය පාතාලයේ සුජීගේ නියෝගයක් – පාතාලය එක්කත් සබදතා!

රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතාගේ මාමණ්ඩිය (බිරිඳගේ පියා) කෝටිපති ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් මහතා ගාල්ල නගර මධ්‍යයේ සිය මෝටර් රථය තුළදී පෙරේදා (23 දා) රාත්‍රි හිසට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයකු වන කොස්ගොඩ සුජීගේ නියෝග මත ඔහුගේ ගෝලබාලයන් විසින් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා රත්ගම විදුර නමැති පාතාල නායකයා සමඟ සබඳතා පවත්වා ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. රත්ගම විදුර සහ කොස්ගොඩ සුජී අතර දැඩි වෛරයක් පවතින අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

ගාල්ල නගර මධ්‍යයේ පිහිටි විශාලතම රෙදිපිළි අලෙවිසලේ හිමිකරු වන ලලිත් වසන්ත මෙන්ඩිස් මහතා පෙරේදා රාත්‍රි සිය ව්‍යාපාරික ස්ථානය වසාදමා නිවස බලා යෑමට සූදානමින් ගාල්ල ඩික්නෝ හන්දියේ පිහිටි වෙළෙඳ සංකීර්ණය ද වසා දමා ගාල්ල එලියට් පාරේ පිහිටි නිවසට යෑමට මෝටර් රථයට ගොඩවී ඇත.

හෙතෙම සිය මෝටර් රථය පදවාගෙන තනිවම නිවස බලා යමින් සිටියදී ගාල්ල බිංගේ කන්ද ප්‍රදේශයේදී යතුරුපැදියකින් පන්නාගෙන ආ පාතාල සාමාජිකයන් දෙදෙනකු මෝටර් රථයේ පිටුපස වීදුරුවලට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇත. ඒ අවස්ථාවේ ව්‍යාපාරිකයා සිය මෝටර් රථය මාර්ගය අසල නතර කරනවාත් සමඟම යතුරුපැදියෙන් පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනා ඔහුගේ හිසට හා පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාර 15 ක් පමණ එල්ල කර පලාගොස් තිබේ.

ප්‍රහාරයෙන් පසු නගරවාසින් විසින් ව්‍යාපාරිකයා රෝහල්ගත කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. රත්ගම විදුර නමැති පාතාල නායකයා මේ වන විට ඉතාලියේ සැඟවී සිටින අතර ඔහු දකුණු පළාතේ පාතාල කෙළිකාරයකු බවට පත්ව සිටි පසුගිය දිනවලදී අම්බලන්ගොඩ, ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකදී කොස්ගොඩ සුජීගේ ඥාතීන් සහ ඔහුගේ පාතාල කල්ලියේ සාමාජිකයන් කිහිපදෙනකු විදුරගේ කල්ලියේ සාමාජිකයන්ගේ ප්‍රහාරයට ලක්වූහ. එම ප්‍රහාරවවලට එකට එක කිරීමක් ලෙස මෙම ව්‍යාපාරිකයා ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි. ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශයේ සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ ඝාතකයන් හඳුනාගැනීමට පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, ගාල්ල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ ගාල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්. එස්. ජයවීර මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදුකෙරේ.

ඝාතනයට ලක්වූ ලලිත් වසන්ත මහතාගෙන් මීට ටික කලකට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන තිබුණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka