gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රිමාන්ඩ් කළ කාර්ගිල්ස් 7 අද යළි අධිකරණයට - CCTV මුදාහැර ඇත්තේ සේවකයෙක්!

කාර්ගිල්ස් ‌ෆුඩ්සිටි (Cargills FoodCity) සුපිරි වෙළඳ සැලක් තුළ (බොරැල්ල ශාඛාව)  තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කළ සේවකයන් 7දෙනා අද (25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබූ අය අතර සේවිකාවෝ සිවුදෙනෙකු හා සේවකයෝ තිදෙනෙකු වෙති.

ඒ් අතර, පහරදීමේ සිද්ධිය වූ අවස්ථාවේ කළමනාකාරීවරියක ලෙස සිටි කාන්තාවකද සිටී.

අත්අඩංගුවට ගැනුන අය අතර අදාළ CCTV දර්ශන සමාජ මාධ්‍යට මුදාහැරිය සේවකයාද සිටින අතර, ඔහු පහරදෙන දර්ශන ඇතුළත් වීඩියෝවේ රූපරාමුවල ද සිටින බව පැවසේ.

එහි කළමනාකාරිය සමඟ තිබූ වෛරය හේතුවෙන් මෙම වීඩියෝව සමාජ මාධ්‍යට මුදා හැරි බව එම සේවකයා පොලිසියට පවසා ඇත.

අදාළ කාන්තාවට මෙසේ පහරදී ඇත්තේ චොක්ලට් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බව පැවසේ.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ජනක විතානගේ මහතා කියා සිටින්නේ පහරකෑමට ලක්වූ කාන්තාව මීට පෙරද මෙවන් සොරකම් සිදු කර ඇති බවයි.

ඇයට වැලිකඩ, බම්බලපිටිය සහ කොහුවල වෙළඳ ආයතනවලින් මෙස‌ේ භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනා එල්ලව ඇති බවද විතානගේ මහතා කියා සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka