අවිස්සාවේල්ල ද්වී පුද්ගල ඝාතනය කළ මන්නා රමේෂ්ගේ කුලී ඝාතකයාට පලා යෑමට උපකාර කළැයි මාධ්‍යවේදියෙක් ඇතුළු 04ක් අත් අඩංගුවට!
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්න රමේෂ් ගේ මෙහෙයවීම මත සිදු වූ අවිස්සාවේල්ල ද්වී පුද්ගල ඝාතනයේ වෙඩික්කරුට පලායෑමට සහය දුන් මාධ්‍යවේදියකු ඇතුළු පුද්ගලයන් සිවි දෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සැක පිට අත් අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරීවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කරන ලද වැටලීම් දෙකක දී මෙම පුද්ගලයින් අත් අඩංගුවට ගෙන ඇත.
ඩුබායි රාජ්‍යයේ රැදී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක නොහොත් මන්න රමේෂ් ගේ මෙහෙවීම මත පසුගිය බදාදා (20) අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනයකළ වෙඩික්කරුට සැඟව සිටීමට හා පලායාමට ආධාර අනුබල දීම මත මෙම පුද්ගලයින් අත් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක මාධ්‍යවේදියකු සහ හෝමාගම, අවිස්සාවේල්ල, ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 25 ත් 30 ත් අතර පුද්ගලයන් තිදෙනෙකි.
මෙම පුද්ගලයින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 මිලි ග්‍රෑම් 260 ක්, හෙරොයින් ග්‍රෑමි 06 මිලි ග්‍රෑම් 260 ක්, ත්‍රී රෝද රථ 02 ක්, යතුරු පැදියක් සහ ජංගම දුරකථන 07 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අවිස්සාවේල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අවිස්සාවේල්ල ද්වී පුද්ගල ඝාතනය කළ මන්නා රමේෂ්ගේ කුලී ඝාතකයාට පලා යෑමට උපකාර කළැයි මාධ්‍යවේදියෙක් ඇතුළු 04ක් අත් අඩංගුවට!
2023-09-26T08:25:00+05:30
Gossip Lanka Hot News





