නව බදු පැනවීම්වල පදනම, ඉන් නිශ්චිතවම අපේක්ෂිත අරමුණු සහ ඉන් වන සමාජ බලපෑම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, මුදල් අමාත්‍යාංශ සහ කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.
තාක්ෂණය වෙනුවෙන් යම් සමාගම් ආයෝජනය කර ඇති අතර ඒ වෙනුවෙන්ද බදු පැනවීම පිළිබඳව වාර්තා වී ඇති බැවින් එම කරුණ පසුගියදා රැස් වූ මුදල් කාරක සභාවේදී සාකච්ඡාවට ගැනුණා.
මෙරට ස්ථිර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම ආයෝජකයන් මෙන්ම කර්මාන්තකරුවන් අධෛර්යමත් වීමට හේතුවක් බව රජයේ මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළා.