gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෙහෙළියගේ 113 තොන්ඩමන් නිසා නැතිවෙන්න ගිය හැටි හෙළිවෙයි

අමාත්‍ය ජීවන් තොන්ඩමන් ඇමතිවරයා නිසා පසුගියදා ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද 113 ක් අහිමි වී යාම නූලෙන් බේරී තිබෙනවා.

මෙම යෝජනාව පිලිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ පැවැත්වීමට සීනුව නාද කර තිබියදී තොන්ඩමන් අමාත්‍යවරයා සභා ගර්භයට පැමිණ ඇත්තේ ටයි පටිය නොමැතිව කොට් කබාය පමණක් පැළද කොට් කබායට යටින් චයිනිස් කොලරය සහිත අත් දිග කමිසයක් ඇඳගෙන බව වාර්තාවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නියමිත ඇඳුම් වන්නේ ජාතික ඇඳුම,ෆුල් සූට් එක සහ චයිනිස් කොලරය සහිත අත්දිග කමිසය යට නොකර ඇඳීමයි.

මේ අවස්ථාවේ තොන්ඩමන් අමාත්‍යවරයා ටයි පටිය පැළඳ නොමැති බව සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා රීති ප්‍රශ්නයක් නගමින් මුලසනයේ අවධානය ලක් කලද ඡන්දයක් විමසන අවස්ථාවේ රීති ප්‍රශ්න සඳහා ඉඩක් දී නොමැත.

අනතුරුව නලින් බණ්ඩාර මහතා මුලාසනය අසලට ගොස් මේ බව පැමිණිලි කර තිබෙන අතර ඉන් පසු වේත්‍රධාරීවරයා ගොස් ඒ බව තොන්ඩමන් මහතාට පවසා තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා එකවරම සිය ආසනයේ සිටිමින්ම කොට් කබාය ගලවා දමා ඇත.

ඔහු චයිනිස් කොලරය සහිත කමිසයක් ඇඳීම නිසා සභාවෙන් එලියට නොදමා ඇති අතර යම් ලෙසකින් එසේ නොවුනා නම් අමාත්‍යවරයාට එදින ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීමට ඉඩ තිබුණ බවද වාර්තාවේ.

දේශපාලන වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka