Channel4 වීඩියෝවට වොයිස් කට් අරන්දුන්නේ සිරසේ ෆරාෂ් ෂවුකද් අලි?
සිරස මාධ්‍ය ජාලයේ හාර්ඩ් ටෝක් වැඩසටහන සිදුකරන ෆරාෂ් ෂවුකද් අලි චැනල් ෆෝ නාළිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සකස් කළ වැඩසටහන සඳහා සම්පත් දායකයන් ලබාදීම සම්බන්ධීකරණය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මෙන්ම හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන ජනාධිපති නීතිඥ සරත් කෝන්ගහගේ පැවසීය.
කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව ඊයේ (12 වැනිදා) කියා සිටියේය.
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද කීවේය.
මට මේ පුද්ගලයා කතා කරල කිව්වා මට ඔබතුමාගෙන් ලන්ඩනයේ අයි.ටී.එන්. නමැති නාළිකාවකට ඉන්ටවිව් එකක් ගන්න ඕන කියලා. එයා එංගලන්තයේ පුරවැසියෙක්. අරගලය පැවැති ගිය අවුරුද්දේ මාර්තු මාසයේ දී තමයි මට මෙයා කතා කළේ. මෙයා මගේ ගෙදරට ආවේ බොරු කියලා සුදු ජාතිකයන් දෙන්නෙක් අරගෙන ආවා. මම සම්පූර්ණයෙන්ම කීවේ මේක අයි.එස් අයි.එස්. සංවිධානයේ සහ මුස්ලිම් අන්තවාදීන්ගේ වැඩක් කියලයි. මගෙන් ඇහුවා මහින්ද රාජපක්ෂ 2005 සහ 2010 ජනාධිපතිවරණ දිනුවේ කොහොමද කියලා. මම කිව්වා ඔහු තමයි ඒ වෙලාවේ හිටිය ජනප්‍රියම නායකයා කියලා. ඒ කෑලි දෙක විතරයි මේ චැනල් එකේ පෙන්නුවේ.
ඔවුන් ආවේ චැනල් ෆෝ කියලා නෙවෙයි. මේ විෂුවල් ගත්තේ කොහොමද කාගේ ආකල්පයකටද. මේවා දීලා තියෙන්නේ ලංකාවේ රූපවාහිනී නාළිකාවකින්. සුදුවෑන් අරවා මේවා ඒ ගොල්ලෝ ඇවිල්ලා ෂූට් කරේ නැහැ. චැනල් ෆෝ එක මගේ කතාව සම්පූර්ණයෙන්ම විකෘති කරලා. එහෙනම් ඒ ගොල්ලෝ ඇවිල්ලා ගන්න ඕන දප්පුල ලිවේරාගෙන්. දප්පුලනේ මේක ඇවිළුවේ. විශ්‍රාම යන්න කලින් දවසේ වාර්තාවක් එළියට දාලා කාදිනල් උන්නාන්සේ මේක අරගෙන දුවන්න ගත්තේ. චැනල් ෆෝ එකේ සහරාන්ලා නැහැ. ගෝඨාභය රාජපක්ෂයි තව කිහිප දෙනෙක් තමයි ඉන්නේ. මේක පුදුම දේශපාලනයක් යැයිද ඔහු කීවේය.
– Aruna

2023-09-13T17:52:00+05:30
Gossip Lanka Hot News