gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

Channel 4 කියන්නේ පගාවක් දුන්නම ඕනම වීඩියෝවක් විකාශනය කරන නාලිකාවක්!

69 ලක්ෂයක ජනවරමට පයින් ගසමින් රට අරාජික කළ “රාජපක්ෂලා” සමග තිබෙන කෝන්තරය වෙනම පිරිමසා ගත යුතු බව පෙන්වා දෙන ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා, ඉස්ලාම් අන්තවාදී ව්‍යාපෘතිය සඟවමින්, පාස්කු ප්‍රහාරයේ වගකීම, කොටි ත්‍රස්තවාදයෙන් රට ගලවාගත් බුද්ධි අංශ ප්‍රමුඛ මෙරට ආරක්ෂක හමුදා වෙත පටවා, ඔවුන් දඩයම් කිරීමට ඉඩදී නිහඩව සිටිය හැකිදැයි ජනතාවගෙන් ප්‍රශ්න කර සිටියි.

පසුගියදා දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලබාගෙන, බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව වීඩියෝවක් විකාශනය කරමින් සිදු කරන ලද්දේ, ඉස්ලාම් අන්තවාදී ව්‍යාපතිය සඟවමින්, පාස්කු ප්‍රහාරයේ වගකීම බුද්ධි අංශ සහ ආරක්ෂක හමුදා වෙත පටවා, ඔවුන් දඩයම් කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයේ පළමු පියවර බවත් එහි දෙවන පියවර වශයෙන්, බෙදුම්වාදී ත්‍රස්තවාදයට කවදත් උඩගෙඩි දුන් ආර්. සම්බන්ධන් මහතා ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් නාඩා අල් – නෂිෆ් මහත්මිය ද මේ වනවිටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ඇතැයි ද සමරවීර මහතා අනාවරණය කර සිටියේය.


එසේම මෙම කුමන්ත්‍රණයේ කොටස්කරුවකු වෙමින් වත්මන් ආණ්ඩුව ද රණවිරුවන් දඩයම් කිරීමේ ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩ දිය හැකි බවත් ඊට එරෙහිව කළගුණ දත් මෙරට ජනතාව නැගී සිටිය යුතු බවත් ජානිපෙ ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ජයන්ත සමරවීර මහතා ඉහත අදහස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

රාජපක්ෂ විරෝධයට මුවා වෙලා කරන වැඩේ

“බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව මගින් විකාශය කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ වීඩියෝවේ අවසාන අරමුණ කුමක්ද, යන්න දැන් ඉතා හොඳින් පැහැදිලි වෙලා තිබෙනවා. එක පැත්තකින් ආර්. සම්බන්ධන් කියනවා, ‘වගකිවයුතු බුද්ධි අංශ නිලධාරීන් වහාම අත්අඩංගුවට ගත යුතුයි.. ඒ වගේම වහාම ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතුයි’ කියලා. ඊට සමගාමීව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරියත් ඒකම කියනවා. 2015 දී ආරක්ෂක හමුදාවලට යුද අපරාධ චෝදනා එල්ල කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ 30/1 යෝජනාවට පසුවත් ඒ ආකාරයටම ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ සහ සමස්තයක් ලෙස ආරක්ෂක හමුදා නිලධාරීන්ට විරුද්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට බලපෑම් එල්ල වුණා. රාජපක්ෂ විරෝධයට මුවා වෙලා, මේ ප්‍රහාරය එල්ල කරන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයට සහ එහි බුද්ධි අංශ සහ ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිවයි.

‘චැනල් 4’ ඇරඹුම

චැනල් 4 කියන්නේ මුදල් ගෙව්වාම, පගාව දුන්නාම ඕනෑම කුමන්ත්‍රණයකට අදාළ වීඩියෝවක් විකාශනය කරන්න බාර ගන්න නාලිකාවක්. මිට පෙරත් ඔවුන් දෙමළ ඩයස්පෝරාවේ අරමුදල්වලින් නිෂ්පාදනය කළ වීඩියෝවක් මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව චෝදනා එල්ල කළා. දැන් මේ වීඩියෝ පටය මගින් පාස්කු ප්‍රහාරයේ වගකීම බුද්ධි අංශ මත පටවන්න ප්‍රධාන නළුවාගේ භූමිකාව ඉටු කරපු අසාද් මවුලානා දේශපාලන රැකවරණය බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් බව ඉතා පැහැදිලියි. දැන් ඔහුට බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණය ඉල්ලා සිටින්නත් පුළුවන්.

වාසි සැලසෙන පාර්ශ්ව තුනක්!

මෙම වීඩියෝව මගින් වාසි සැලසෙන පාර්ශ්ව තුනක් හඳුනාගන්න පුළුවන්. එකක් ඉස්ලාම් අන්තවාදීන්. සහරාන්ලා මරාගෙන මැරෙන්නේ ගෝඨාභය ජනාධිපති කරන්න නම් ඉස්ලාම් අන්තවාදයක් ගැන කතා කරන්න බැහැනේ. දෙවන පාර්ශ්වය ආරක්ෂක හමුදාවන් දුර්වල කිරීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලා සිටින දෙමළ ඩයස්පෝරාව ප්‍රමුඛ බෙදුම්වාදීන්. තුන්වන පාර්ශ්වය ඉස්ලාම් අන්තවාදයට වැඩෙන්නට ඉඩ දීලා ඔවුන්ගේ ඡන්ද බලාපොරොත්තුවෙන් බුද්ධි අංශ අඩපණ කළ නායකයින් සහ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමේ තම වගකීම ඉටු කරන්න අසමත් වූ නායකයින්. මෙහිදී විශේෂයෙන් පෙන්වා දෙන්න ඕනෑ, ‘පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ ඉතා පැහැදිලිව කියනවා, නැගෙනහිර පළාතේ ඔත්තු සේවා බිඳවැට්ටුවේ රනිල් වික්‍රමසිංහ නොහොත් එවකට අගමැතිගේ උවමනාවටයි’ කියා.

දැන්වත් සැබෑ චූදිතයන් හෙළිකරනු!

අපි දන්නවා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා පුළුල් දේශීය විමර්ශන හතරක් සිදු වුණා. පළමුවැන්න, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ කමිටුවක් විසින් සිදු කළ විමර්ශනය. දෙවැන්න පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශනය. පාස්කු ප්‍රහාරය පිළිබඳව ගතයුතු ඉදිරි පියවර නිර්දේශ කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සිදු කළ විමර්ශනය තෙවැන්නයි. නලින්ද ජයතිස්සලා, රවුෆ් හකීම්ලා මෙම පාර්ලිමේන්තු කාරක සභාවේ එකට වාඩි වී සිටි බව ඔබට මතක ඇති. පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් සිදු කළ විමර්ශනය සිව්වැන්නයි. ආණ්ඩුව මේ මොහොතේ කළ යුත්තේ මේ පුළුල් විමර්ශනවල ප්‍රතිඵල අනුව දැන්වත් පාස්කු ප්‍රහාරයේ සැබෑ චූදිතයන් රට හමුවේ නිරාවරණය කිරීමයි; ඔවුන් නීතිය හමුවට කඩිනමින් ඉදිරිපත් කිරීමයි. එහෙම නැතුව පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් ඉස්ලාම් අන්තවාදීන් සහ එම ප්‍රහාරය වළක්වා නොගත් එවකට බලයේ සිටි යහපාලන ආණ්ඩුවේ නායකයන් ‘නිදොස්කොට නිදහස්කර’ මෙම ජාත්‍යන්තර කුමන්ත්‍රණයේ කොටස්කරුවකු වීම නොවෙයි.”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka