gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"කෙට්ටුවෙලා වගේ මොකද?...ව්‍යායාම කරනවා හැමදාම" - චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, ගෝඨාභය එකට එක්වී සතුටු සාමිචියේ (VIDEO)

ශ්‍රී ලංකාව දරිද්‍රතා උගුලෙන් මුදවාගෙන සංවර්ධනය කරා ගමන් කිරීමට හැකි සියලුම සහායන් අඛණ්ඩව ලබාදීමට චීනය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොං මහතා පවසයි.

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 74 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් තානාපතිවරයා මේ බව සඳහන් කළේය.

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 74 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබු උත්සවය ඊයේ (28) රාත්‍රීයේ කොළඹදී පැවැත්වුණි.

මෙරට චීන තානාපති චී ෂෙන් හොං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන වන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ද එක්වී තිබුණි.

එමෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක්ද මෙම අවස්ථාවට එක්විය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොං මහතා,

“චීනය විසින් සිදුකරනු ලබන අධිවේගී සංවර්ධන ගමන්මගට ශ්‍රී ලංකාව ඇතුළු සියලුම රටවල් සාදරයෙන් පිළිගනු ලබනවා.”

“චීන ජනපති ෂී ජින්පින් විසින් යෝජනා කරනු ලැබු එක් තීරයක් – එක් මාවතක් සංවර්ධන වැඩපිළිවෙලේ 10 වැනි සංවත්සරය අප මේ වසරේ සනිටුහන් කරනු ලබනවා.”

“ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වශයෙන් කටුනායක අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය, හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගරය ආදී අප දෙරට අතර ඇති ප්‍රධාන ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කිරීමට ලැබීම ගැනද මම වඩාත් සතුටු වෙනවා.”

“පසුගිය දශක කිහිපය තුළදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයේ මිත්‍රශීලි ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ සහ සියලුම ජනතාව සඳහා වන අතර අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාමද සිදුකරනු ලබනවා.”

“විශේෂයෙන්ම පසුගිය වසරේ ශ්‍රී ලංකාව ආර්ථික අභියෝගවලට මුහුණ දුන් අවස්ථාවේදී චීනය සිය සහයෝගය ශ්‍රී ලංකාවට උපරිමයෙන් ලබාදුන්නා.”

“එහිදී හදිසි ආධාර ලබාදීම පමණක් නොව, ශ්‍රී ලංකාව මුහුණා පා සිටින ණය අර්බුදය සමග නිසි අයුරින් කටයුතු කිරීම සඳහා පළමුව සිය සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබාදීමද චීනය විසින් සිදුකරනු ලැබුවා.”

“වඩාත් වැදගත් දේ නම්, ‘දරිද්‍රතා උගුලෙන්’ සහ ‘අසංවර්ධනයේ උගුලෙන්’ මිදී, එහි ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගැනීම සඳහා චීනය ශ්‍රී ලංකාවට ස්වකීය ජාතික තත්ත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් අනුගමනය කිරීමට අඛණ්ඩව සහාය ලබාදීමයි.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka