gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"ෆුඩ් සිටි එකට විරුද්ධ වෙන්නෙපා මට ගාණක් අරන් දෙන්නම් කිව්වා" - බොරැල්ල ෆුඩ් සිටියේදී පහර කෑමට ලක්වූ කාන්තාව සියල්ළ හෙළිකරයි (VIDEO)

බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී තරුණ කාන්තාවකට පහරදීමේ සිද්ධියක් පිළිබඳව පසුගිය දා සමාජයේ දැඩි ලෙස කතාබහට ලක් වුණා. අදාළ සුපිරි වෙළඳසැලේ සේවකයින් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකරන ආකාරය ආරක්ෂිත කැමරාවල පටිගතව තිබුණා.

එම කාන්තාව වෙළඳසැලෙන් භාණ්ඩ සොරාගත් බව පවසමින් මෙම පහරදීම සිදුකර තිබූ බවයි පසුව අනාවරණය වුණේ.

ඒ, අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බොරැල්ල පොලිසිය විසින් සිදුකරනු ලැබුවා.

මෙම සිදුවීමට මුහුණ පෑ කාන්තාව අද (29) ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකළ බොරැල්ල පොලීසියේ ඇතැම් නිලධාරීන්ගෙන් තමන්ට බලපෑම් එල්ල වූ බවයි.

එහිදී පොලිස් නිලධාරී විසින් අදාළ සුපිරි වෙළඳසැලට විරුද්ධව කිසිඳු ප්‍රකාශයක් සිදුනොකරන ලෙසට තමන්ට බලපෑම් කළ බවයි ඇය පවසා සිටියේ.

එමෙන්ම හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී සැකකරුවන් හඳුනාගත්ත ද, හඳුනානොගත් ආකාරයෙන් හැසිරෙන ලෙසට ද තමන්ට බොරැල්ල පොලිසියේ නිලධාරීන් විසින් පැවසූ බව එම කාන්තාව සඳහන් කර සිටියා.

ඒ, සඳහා විශාල මුදලක් තමන්ට අදාළ සුපිරි වෙළඳසැල හරහා ලබාදෙන බවට ද පොලිස් නිලධාරීන් පැවසූ බව ඇය සඳහන් කළා.

එමෙන්ම රෝහල් ගතවීමට සූදානම්වන අවස්ථාවේ දී ඒ සඳහා ද පොලිසිය විරුද්ධ වූ බව එම කාන්තාව පැවසුවා.

මේ අතර අදාළ සුපිරි වෙළඳසැලෙන් තමන් කිරිපිටි පැකට්ටුවක් සොරාගත් බවට එම කාන්තාව මෙහිදී පිළිගනු ලැබුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka