පොලොන්නරුව වැලිකන්ද පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (29) රාත්‍රියේ දී ඔහුගේ කාමර තුළ සැක කටයුතු ලෙස මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයකු වන අංක 25, ප්‍රධාන පාර, එරාවුර් 02, වාලච්චේන, පදිංචි මහමුල් මොහොමදු හනීෆා නැමැති නිලධාරියෙක් පොලිසිය පවසයි.
ඔහු 29 වෙනිදා රාත්‍රියේ පොලිස් ජංගම රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීයෙකු බවත්, රාජකාරිය කටයුතු අවසන් වී ඔහුගේ කාමරය තුළ නින්දට ගිය විටදී මෙම මරණය සිදුව ඇති බවත් අප වැලිකන්ද පොලිසියෙන් කළ විමසීමක දී සඳහන් කළේය.
වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාගෙන් මේ පිළිබඳ විමසීමේදී ඔහු පැවසුවේ මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකරන බවය.
මේ පිළිබඳව ස්ථානීය පරීක්ෂණයක් මෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (30) සිදු කිරීමට නියමිත බව ද වැලිකන්ද පොලිසිය කියයි.
මේ අතර පොලිස් සැරයන්වරයා මියගිය හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය.