gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

CIDයේදී හරක් කටා සල්ලි ගහ හොල්ලයි.. කෝල් එකකට ලක්‍ෂ එකහමාරක්… නිලධාරීන් 12කගෙන් ප‍්‍රශ්ණ කරයි..

හරක්කටා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී තමන්ට අවශ්‍ය දේශීය සහ විදේශීය දුරකථන ඇමතුම් ලබා ගැනීමට එක් ඇමතුමක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ එකහමාරක පමණ මුදලක් එම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ට ගෙවා ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
හරක්කටා රඳවාගෙන විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ නිලධාරීන් සහ නිලධාරිනියන් 12 දෙනකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වනවිට ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී හරක්කටාට එහි ඇතැම් නිලධාරීන් අති විශේෂ සැලකුම් ලබාදී ඇති බව මේ වනවිට හෙළිවී ඇති අතර ඔහුට අවශ්‍ය කරන සියලුම සුඛෝපභෝගී ආහාරපාන ලබාදීමට ඇතැම් නිලධාරීන් කටයුතු කර තිබූ බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඇතැම් පොලිස් නිලධාරිනියන් හරක්කටාට තම නිවසින් සකස් කර ආහාර පාන බත් පාර්සල් පවා ගෙනැවිත් දී ඇති බව ද හෙළිවී ඇත.

මේ සියලු උදව් උපකාර වෙනුවෙන් හරක්කටා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් සහ වටිනා දේ අත දිගහැර ලබාදී ඇති බව ද විමර්ශනවලදී හෙළිදරව් වී තිබේ.

හරක්කටාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායෑමේ සැලසුමට උදව් උපකාර කළ පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට අතුරුදන්ව ඇති අතර පොලිස් කණ්ඩායම් 4ක් ඔහු සොයා විමර්ශන පවත්වාගෙන යයි.

මේ අතර මෙම සැලසුමට උපකාර කළ බවට සැකකරන තවත් පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව ද විමර්ශන ක්‍රියාත්මක කර තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

– Divaina
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka