තමන්ට පොඩි සිංහයා කියන්නැයි නාමල් පොහොට්ටු මන්ත‍්‍රීන්ට කියලා…
තාත්තා මයිනෙක් වන බාප්පා කපුටෙකු වන නාමල් රාජපක්ෂ මහතාට සිංහයෙක් විය නොහැකි බව බවත් ඔහු ඇත්තටම නරියෙක් බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.
නමුත් නාමල් රාජපක්ෂ මහතා පොහොට්ටුවේ ඇතැම් මන්ත්‍රීවරුන් ලවා තමනට පොඩි සිංහයා යනුවෙන් කියවා ගන්නා බවද හෙතෙම කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය මූලස්ථානයේ දී පැවති විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
තමන්ට පොඩි සිංහයා කියන්නැයි නාමල් පොහොට්ටු මන්ත‍්‍රීන්ට කියලා…
2023-09-17T14:07:00+05:30
Gossip Lanka Hot News






