gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මම කරදරයක් නැතිව විදෙස් රටක ඉන්නවා – හරක් කාටාට උදව් කල පොලිස් කොස්තාපල් නිවසට දැනුම් දෙයි

නදුන් චින්තක නොහොත් හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යෑම සඳහා උදව් කළ බවට සැක කෙරෙන පොලිස් කොස්තාපල් සංදීප ගුණසේකර අතුරුදන් ව මේවන විට දින තුනක් ගත වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීන් අනාවරණ කරගෙන ඇත්තේ, සැකකාර පොලිස් කොස්තාපල්වරයා සිද්ධිය වූ පසුගිය ඉරුදින රාත්‍ය්රේ ත්‍රිකුණාමලයේ සේරුවිල පිහිටි තම නිවසට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවයි.

තමන් විදෙස් රටක කරදරයක් නොමැතිව සිටින බව පොලිස් කොස්තාපල්වරයා එහි දී පවසා ඇති බව වාර්තා වේ.

අනතුරුව පසුගිය සඳුදා දිනයේ ද ඔහු සිය නිවසට වට්ස්ඇප් මාර්ගයෙන් දුරකථන ඇමතුමක් ලබා දී අති බව ද විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන ඇත.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටතට පැමිණ ඇති බව ද අනාවරණ වී ඇති නමුත් ඉන් පසු එම ස්ථානයෙන් පළා ගිය ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නැත.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටතට කහ පැහැති ටී ෂර්ටයකින් සැරසී දිව යන අයුරු අසල වූ සීසීටීවී කැමරාවක ද සටහන් ව තිබිණි.

ඔහු ඒ වන විට දුරකථන ඇමතුමක රැඳී සිටින අයුරු ද එහි දී දැකගත හැකිය.

මේ අතර, පොලිස් කොස්තාපල්වරයා හරක් කටා සමඟ සමීප සබඳතාවක් පවත්වන බව ඔහුගේ පෙම්වතිය බව පැවසෙන පොලිස් කොස්තාපල්වරිය දැන සිටි බවට ද විමර්ශකයන්ට සැක පළ වී තිබේ.

මේ අතර, අදාළ සිදුවීම සිදුවූ දිනයේ හරක් කටාගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ උපපොලිස් පරීක්ෂකවයරයාට, පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනාට හා කන්තා පොලිස් කොස්තාපල්වරියට අභන්තර ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි වාර්තා වේ.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.

මේ අතර, පසුගිය 10 වැනිදා පළා යෑමට උත්සාහ කළ අවස්ථාවේ දී ඇති වූ කලබලකාරී තත්ත්වය හමුවේ තුවාල ලැබූ බව පැවසෙන හරක් කටා, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කළ වාර්තාව අධිකරණයට යොමු කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

සැකකාර හරක් කටා වෙනුවෙන් මෝසමක් ගොනු කරමින් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඇතුළු නීතිඥ මඬුල්ල පැවසුවේ, එම සිද්ධිය හේතුවෙන් හරක් කටා තුවාල ලබා ඇති බැවින් ඊට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසයි.

මෙහි දී දෙවැනි සැකකාර කුඩු සළිදු තුවාල වී ඇති බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටි අතර, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා නිසි පරිදි ඉල්ලීම සිදු කරන ලෙස දන්වා, සිද්ධිය වන අවස්ථාවේ දී ඔහු ප්‍රධාන සිර මැදිරියේ රඳවා සිට ඇති බව අධිකරණය හමුවේ කියා තිබේ.

එමෙන්ම ඔහු විශේෂ කාර්ය බළකා නිලධාරින් දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ රඳවා සිට ඇති බව ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka