gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරය පැය දොළහකට පෙර වළක්වා ගන්න තිබුණා : රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකුගෙන් අනාවරණයක්!

හිටපු බුද්ධි අංශ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා, පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ තොරතුරු තමා ළඟ තබා ගෙනත් එම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට නොගත් හෙයින් විවිධ පාර්ශ්ව පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම නිලන්ත ජයවර්ධන භාරගත යුතු බවට අදහස් පළකර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවය යනු කුමක්දැයි ඔවුන්ට ඇති අනවබෝධය නිසා බව ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ අවධාරණය කරනවා.

යූ ටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, දේශපාලකයන් තමන්ගේ අරමුණු වෙනුවෙන් වාසි ලබාගැනීම සඳහා මෙය නැවත නැවත කරළියේ සාකච්ඡාවට ලක් කර ඇති බවත්, ඔවුන්ගේ පුද්ගලික වාසි සඳහා මෙවර මෙහි වගකීම නිලන්ත ජයවර්ධන වෙත පටවා ඇති බවයි.

මේ අතර 1984 වසරේ දී නිර්මාණය කළ, රාජ්‍ය බුද්ධි සේවය යනු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති සිවිල් සංවිධානයක් වන අතර ඔවුන්ගේ ප්‍රධාන වගකීම රාජ්‍ය ආරක්ෂා කිරීම සඳහා තොරතුරු සොයා ගැනීම බවත්, රාජ්‍ය බුද්ධි සේව‍යේ කිසිවෙකුට පොලිස් බලතල නොමැති බවත් ඔහු මෙම වැඩසටහනේ දී අනාවරණය කරනවා.

කිසියම් පොලිස් නිලධාරියකු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත කළ පසු, ඔවුන්ට පොලිස් බලතල අහිමි වන බවත් රාජ්‍ය බුද්ධි සේවය මගින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගන්නා පාර්ශවයන්ට තොරතුරු ලබා දීම පමණක්ම සිදු කරන බවත් කොලොන්නේ මහතා එහි දී සඳහන් කරනවා.

එහෙයින් හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන තම රාජකාරිය හරිහැටි ඉටු කළ ඇති අතර ඔහු විසින් පාස්කු ප්‍රහාරය එල්ල වීමට පැය දොළහකට පෙර ප්‍රහාරයේ නිශ්චිත තොරතුරු අදාල තීරණ ගන්නා පාර්ශවයන්ට ලබාදී ඇති බවත් කොලොන්නේ මහතා වගකීමෙන් කියා සිටිනවා.

තව ද වත්මන් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී, මේජර් ජනරාල් සුරේෂ් සලේ, පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන් හා අනෙකුත් ත්‍රස්තවාදීන් සමග දිගින් දිගට ම ගනුදෙනු කොට ඇති බවට වන චෝදනාව ද ආචාර්ය කොලොන්නේ මහතා ප්‍රතික්ෂේප කරනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka