gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කිසිවක් ඕනෑවට වඩා විශ්වාස නොකරන්න… ගූගල් මැප් එක මරණයට පාර කියයි!

පිලිප් පැක්සන් පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ දි මිය ගියේය. ඔහු මිය ගියේ වැසි සහිත රාත්‍රියේ නුහුරු පළාතක පිහිටි සිය මිතුරෙකුගේ නිවසක සිට සිය නිවස බලා ගමන් කරමින් සිටිය දීය.

මේ  ආගන්තුක ප්‍රදේශයේ  සිට නිවසට යෑමට මග දැන ගැනීමට ඔහු ගූගල් සිතියම යොදාගෙන තිබිණි.  අඳුරේ මහා ධාරාණිපාත වර්ෂාවක ගමන් කරමින් සිටි පැක්සන් එක් වරම බිඳ වැටුණ පාලමකින් ජල මාර්ගයකට ඇද වැටුණේය. එම අනතුරින් පැක්සන් දියේ ගිලී මිය ගියේය.

අනතුර සිදුවන්නේ  උතුරු කැරොලිනාවේ හිකරි හි දී ය.  කුඩා අතු මගක තිබුණු මේ බිඳී ගිය පාලම එසේ බිඳී ගොස් තිබුණේ වර්ෂ 2013 දී ය. එනම් අනතුර සිදුවන අවස්ථාව වනවිට අවුරුදු 09කට පෙරය.  ගූගල් සිතියම ඒ අනතුරුදායක තත්ත්වය යාවත්කාලීන කර තිබුණේ නැත. ගූගල් සිතියම කෙරෙහි පූර්ණ විශ්වාසය තබාගෙන පැමිණි පැක්සන් ජිවිතයෙන් වන්දි ගෙව්වේය.

පවුලේ සාමාජිකයන් චෝදනා කළේ ගූගල් සමාගමටය. මාරක පාරකින් තමන්ගේ සැමියා රැගෙන විත් මරණයක් සිදුකිරීමේ වගකීම එම සමාගම ගත යුතු බව පිලිප් පැක්සන්ගේ පවුලේ උදවිය කීහ.

අවසානයේ ඔවුහු පසුගිය  අඟහරුවාදා වේක් ප්‍රාන්තයේ සිවිල් අධිකරණයේ දී මෙම නඩුව ගොනු කර තිබුනහ.

“ පැක්සන් දරුවො දෙන්නේකුගේ තාත්තා කෙනෙක්.  එයා එදා යාලුවෙකුගේ ගෙදර  පැවති තම දියණිය ගේ 09 වැනි උපන් දින සාදයට එක් වී සිටියා. බිරිය සහ දරුවන් දෙදෙනා කලින් නිවසට එවලා ඔහු මිතුරාගේ නිවස අස්පස් කරදීම වෙනුවෙන් රැඳි සිට යළි නිවසට එමින් හිටියේ.”

“ඔහු සිටියේ නුහුරු නුපුරුදු අසල්වැසි ප්‍රදේශයක. දේශීය මාර්ග සම්බන්ධව කිසිම අවබෝධයක් නැති පැක්සන්   ගූගල් සිතියම් මත විශ්වාසය  තැබුවා.  ඔහු විශ්වාස කළා ගූගල් හි    මග පෙන්විම  ඔහුගේ බිරිඳ සහ දියණියන් වෙත ඔහු ආරක්ෂිතව   ගෙන යනු ඇතැයි කියලා,” පවුලේ නීතිඥයින් නඩුව නිවේදනය කරමින්   කියා සිටියේය.

” එහෙත්  ඔහු අඳුරේ සහ වැස්සේ ප්‍රවේශමෙන් රිය පදවා තිබුනේ   ගූගල් හි යල් පැන ගිය මඟ පෙන්වීම්වලට.  සැකයකින් තොරව මීට දශකයකට ආසන්න කාලයක් තිස්සේ  බිඳ වැටී ඇති  පාලමකින් ඇල මාර්ගයකට වැටී ඔහු මිය ගියා.” නීතිඥවරු කීහ.

වර්ෂ 2013 දී පාලම කඩා වැටීමෙන් පසු  මෙම තත්ත්වය යාවත්කාලීන කර  මාර්ගගත සිතියම් වෙනස් කිරීමට කටයුතු කරන ලෙස ප්‍රදේශවාසීන් නැවත නැවතත් ගූගල් අමතා ඉල්ලීම් කර ඇති බව අවට ජනපද වාසීහු පවසා තිබිණි.

චාලට් ඔබ්සර්වර් පුවත්පත පවසා තිබුණේ  සාමාන්‍යයෙන් පාලම් පිවිසුම හරහා තබා ඇති බාධක විනාශ කිරීම් හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවය.

පාලම නඩත්තු කිරීමට ඔවුන්ට යුතුකමක් ඇති බවට තර්ක කරමින් වින්දිතයෝ   දේශීය සමාගම් තුනකට ද නඩු පවරති

“අපේ  දුවලා දෙන්නා  අහනවා එයාලගේ තාත්තා මැරුණේ කොහොමද කියලා.  ඇයි තාත්තා මැරුණෙ  කියලා. මම එයාලට තේරුම් කරලා දෙන්නේ කොහොමද. මට  වචන නෑ.  GPS උපදෙස් සහ පාලම සම්බන්ධයෙන් වගකිවයුත්තන් එසේ ක්‍රියා කළේ කෙසේදැයි මට තවමත් තේරුම් ගත නොහැකියි. ඔවුන් මිනිස් ජීවිතය ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන්නේ කොහොම ද?, ”ඔහුගේ බිරිඳ ඇලිසියා පැක්සන් නිවේදනයක් නිකුත් කරමින් විමසා සිටී.

“අපට Paxson පවුල ගැන වශාල  අනුකම්පාවක් තියනවා. අපගේ ඉලක්කය සිතියම් තුළ නිවැරදි මාර්ගගත තොරතුරු සැපයීමයි.   අපි මෙම නඩුව සමාලෝචනය කරමින් ඉන්නවා.” . Google හි ප්‍රකාශකයෙක් AP News වෙත ප්‍රකාශ කර තිබිණි.






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka