gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කූඨ ලේඛන සදා සහෝදර හෙදියගේ බැංකු ගිණුමට බැර වුන ණය මුදලකට විද්ද හෙදියක් අත් අඩංගුවට…

පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙදියකගේ මුදල් පසුම්බියක් සොරකම් කර එහි තිබූ ලියකියවිලි උපයෝගී කරගනිමින් ණය මුදලක් ලබාගත් එම රෝහලේම හෙදියක අද  අත්අඩංගුවට ගැනීමට  පානදුර දකුණ පොලිසිය සමත්ව ඇත .
පානදුර මූලික රෝහලේ රාජකාරි කරන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි හෙදියක කළ පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි  32 හැවිරිදි හෙදියකි.

ඉකුත් ජුනි 29 දා සිය මුදල් පසුම්බිය අස්ථානගතව ඇති බවට ඇය පැමිණිල්ලක් කර ඇති අතර, ඒ සම්බන්දයෙන්  පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පරීක්ෂණ සිදුකරන කාලසීමාවේ තමා ඉල්ලුම් කළ ණය මුදල ගිණුමට බැරවී ඇති බවට මූල්‍ය ආයතනයකින් පැමිණිලිකාරියට දැනගන්නට ලැබී ඇතැයිද පොලිසිය කීය.

ඒ අනුව පොලිසිය  පානදුර පෞද්ගලික  බැංකුවක ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදී එම රෝහලේම තවත් හෙදියක පැමිණ පැමිණිලිකාර හෙදියගේ ලියකියවිලි ඉදිරිපත් කරමින් ගිණුම විවෘත කරන බව නිරීක්ෂණය කිරීමෙන් පසු සැකකාර හෙදිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇයගෙන් කල ප්‍රශ්න කිරීමේදී සොරකම් කල මුදල් පසුම්බියේ තිබූ රියදුරු බලපතක් උපයෝගී කරගනිමින් සිම් කඩ්පත් දෙකක් ලබාගෙන එයද භාවිතා කරමින් ඔන් ලයින් ක්‍රමයට ණය මුදලක් ලබාගෙන ඇති බවට හෙලිව ඇති බව පොලිසිය කීය.

සැකකාරිය විසින් සොරකම් කළ  මුදල් පසුම්බිය සහ එහි තිබූ ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් සහ නිවසේ යතුරක්ද සොයාගත් බව පොලිසිය කීය.

සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න සහ  මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකරගේ උපදෙස් පරිදි  අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේමාල් වීරසිංහ ගේ මෙහෙයවීමෙන් සැරයන් ඉන්දික (9476), කොස්තාපල් වරුන්වන ජයවික්‍රම (99513), මධුමාල් (100103), බණ්ඩාරනායක (100014) සහ බණ්ඩාර (100265) වැටලීමට එක්වූහ

-සුමිත් පොතුපිටිය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka