පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ 34ක් හදිසි මිලදී ගැනීම් යටතේ ලබා ගන්න සූදානමක්!
පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ 34ක් හදිසි මිලදීගැනීම් යටතේ ලබා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කරයි.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග අසූ හතරක් ඉල්ලුම් කළත් එය ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් ඇති වී තිබෙන
පිළිකා ඖෂධ හිඟය මගහරවා ගැනීම සඳහා අවශ්‍ය පිළිකා ඖෂධ තිස් හතරක් මෙසේ හදිසි මිලදී ගැනීමට කටයුතු කරන බව හෙතෙම පැවසුවේය.
හදිසි මිලදී ගැනීම මේ මොහොතේ ආරම්භ කළ ද ඹෟෂධ මෙරට තුළට ලැබීමට තවත් සති තුනක පමණ කාලයක් ගත වනු ඇති බව හෙතෙම කිවේය.
ඖෂධ මිලදී ගැනීම සඳහා කැඳවූ ටෙන්ඩර් 400ක් පමණ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තුළ තුළ සිරවී ඇති බැවින් මෙම හිඟය මතුව ඇතැයි අතිරේක ලේකම්වරයා පෙන්වා දුන්නේය.
ශ්‍රියානි විජේසිංහ
ඖෂධ මිලදී ගැනීම සඳහා කැඳවූ ටෙන්ඩර් 400ක් පමණ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තුළ තුළ සිරවී ඇති බැවින් මෙම හිඟය මතුව ඇතැයි අතිරේක ලේකම්වරයා පෙන්වා දුන්නේය.
ශ්‍රියානි විජේසිංහ
lankasara
පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ 34ක් හදිසි මිලදී ගැනීම් යටතේ ලබා ගන්න සූදානමක්!
2023-09-14T13:05:00+05:30
Gossip Lanka Hot News