ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනපතිවරයා බවට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට ජනමතයක් නැති බවත්, ඔහු කිසිදු ලෙසකින් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසනවා.
වත්මන් ජනාධිපතිවරයා දැරූ එවක අගමැති ධුරය අහිමි වීමට හේතුව පාස්කු බෝම්බ ප්‍රහාරය බවත්, එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව අහිමි වුණේ ද පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා බවත්, එජාප මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වෙලා සමගි ජන බලවේගය සමඟ එකතු වෙන්න ප්‍රධාන හේතුව වුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය බවත් මන්ත්‍රීවරයා කියා සිටිනවා.
ඊයේ (15) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ බව කී මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.
එම මාධ්‍ය හමුවේ දී මන්ත්‍රීවරයා කියා සිටියේ, ''චැනල් 4 නාලිකාව කියන්න කලිනුත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ජනතාව තුළ විවිධාකාර සැක සංකා තිබුණා. ඒ නිසා දැන් ජනාධිපතිතුමා කියනවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා කියලා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරලා තේරුමක් නැහැ. ජාත්‍යන්තර පර්යේෂණයක් තමා අවශ්‍ය..පාර්ලිමේන්තු විමර්ශනයක් කියන්නේ හොරාගේ අම්මාගෙන් පෙන අහනවා වගේ වැඩක්.
අපට අරංචියි ලංකාව මුල්‍ය අර්බුදයක පටලවපු දේ පිලිබඳව සොයන්න කොමිසන් සභාවක් පත් කරලා තියෙනනේ කියලා. එකට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාල් කබ්රාල් ගෙන්වනවලු. හැබැයි කොමිසමේ සභාපති පොහොට්ටුවේ මහලේකම් සාගල කාරියවසම්ලු. අපිට මතකයි මහ බැංකු මුල්‍ය වංචාව සිද්ධවෙච්ච කලේ කමිටුවක් දැම්මා. එක යටපත් කරා ජනතාවගෙන් විරෝධයක් මතුවුන නිසා. කොමිසමක් දලා වහන්න හැදුවට හරිගියේ නැහැ.
පැහැදිලිව කියන්න කැමති දැනට පාර්ලිමේන්තුවට ලබා දි තිබෙන කොමිසම් වෙළුම් පාර්ලිමේන්තුවට හා විපක්ෂ නායකයාටවත් පරිශිලනය කරන්න බැරි තත්වයක් තියෙන්නේ. රහස්‍ය භාවය සුරකින්න අවශ්‍යයි කියලා. නිවැරදි දේ දැන ගැනිමට අවශ්‍යතාවක් තිබේනවනම් වෙලුමි පරිශිලනය කරන්න අවස්ථාවන් ලබා දෙන්න.
බොරු කොමිෂන් සභා, තේරීම් කමිටුදලා මෙවා හොයන්න බැ. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට මේ පිළිබද විෂයානුභද්ධ දැනුමක් නැ. එ පිළිබද ලෝකයේ ඉන්න අත්දැකිම් බහුල විෂයානුභද්ධ හැදැරිමක් තිබෙන පිරිසකට ඕන සෙව්මක් භාරදෙන්න. ජනාධිපති මුලික ආරක්ෂක මණ්ඩලයට දැනුම් දුන්නා යැයි කියනවා. නමුත් එහෙම වෙලත් නතරකර ගන්න බැරි වුණ දේ පාර්ලිමේන්තුවට හොයන්න පුලුවන් වෙයි ද?
ජනාධිපතිතුමන්, ඔබතුමා කියන හැමදේ ම ජනතාව පිළිගන්නේ නැහැ. ඔබතුමාට ජනාධිපති ධුරයට ඉල්ලන්න බැරි තත්වයක් තියෙන්නේ. බයියෝ පිරිවරාගෙන අවට ජනමතය නැවත ගොඩනගන්න බැහැ. මොකද මිනිස්සුන්ව ණය බරින්, බදු බරින්, අධික බෙහෙත් මිළ නිසා පිඩාවට පත්කරලා. ඊරි මංසේ උරා බිලා කියෙන්නේ. දැන් බලේ හිටියට ලබන වසර මෙවන විට ඔබතුමා සමාන්‍ය පුරවැසියෙක්. එ නිසා නැවත ජනාධිපති ලෙස බලයට එන්නේ නැ කියලා ජනතාවගෙන් පලිගන්න ලැස්ති වෙන්න එපා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද ජාත්‍යන්තර පර්යෙෂණයක් කරලා ජනතාවට සධාරණයක් ඉෂ්ටකරන්න'' යනුවෙන්.