gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති සහ අමාත්‍යංශ ලේකම් එක්ව නීතිවිරෝධීව රක්ෂිත වනාන්තර කොල්ලයක් අරඹති!

වර්තමානයේ බලයට පත් වන සියලු ආණ්ඩුවලට ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ මෙරට රක්ෂිත වනාන්තර පැවතීමය. වන සංරක්ෂණ ආඥාපනත හා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ප්‍රකාශිත මෙම රක්ෂිත වනාන්තර ජාලය නොතිබෙන්නට කෘෂි කර්මාන්තය, ජල සුරක්ෂිතතාව, කාලගුණික දේශගුණික විපර්යාස, අලි – මිනිස් ගැටුම හා වන සතුන්ගෙන් සිදු වන වගා හානි ඇතුළු බොහෝ දෑ දැනට පවතින මට්ටමට වඩා දරුණු තත්ත්වයකට පත් වීමට ඉඩ තිබූ බව බොහෝ නිලධාරීන්ට හා දේශපාලඥයන්ට අවබෝධ කර ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණකි. මේ නිසා මෑත කාලයේ බලයට පත් වූ සෑම ආණ්ඩුවක් ම පළමු ව උත්සාහ කරන්නේ රක්ෂිත වනාන්තරවලට අයත් ඉඩම් කඩිනමින් වෙන් කර ගෙන ඒවා විවිධ සංවර්ධන භාවිතයන්ට ලබා ගැනීමට ය.

ඒ සඳහා පළමු සැලැසුම සකස් කෙරුනේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල්වරිය, ආර්.එම්.සී.එම් හේරත් විසින් නිකුත් කළ 2020 සැප්තැම්බර් 09 වන දින අංක 2020/16 දරන චක්‍රලේඛය මගිනි. සියලු ප්‍රාදේශීය ලේකම්වරු, පළාත් ඉඩම් කොමසාරිස්වරු, ඉඩම් කොමසාරිස්වරු හා සහකාර ඉඩම් කොමසාරිස්වරු වෙත යොමු කර තිබූ මෙම චක්‍රලේඛයේ සඳහන් වන්නේ “විධිමත් ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම් සංවර්ධනය කර ඇති පුද්ගලයන් වෙත විධිමත් ලේඛන ලබා දීම කඩිනම් කිරීම” යන්නය. නමුත් එම චක්‍රලේඛයේ අන්තර්ගත වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින රක්ෂිත වනාන්තර තුළ පිහිටි ඉඩම් විවිධ කාර්යයන් සඳහා නිදහස් කර ගැනීම පිළිබඳවය.

එම චක්‍රලේඛයට අමතරව එවකට පැවති ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ආයෝජන අවස්ථා පුළුල් කිරීම ප්‍රධාන කර ගෙන කිසිදු ලියවිල්ලක් හෝ ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචිව හෝ සංවර්ධනය කර ඇති පුද්ගලයන් වෙත නිත්‍යානුකූල ලේඛන ලබා දීම කඩිනම් කිරීම සඳහා හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල්වරිය විසින් 2020 සැප්තැම්බර් මස 10 වන දින අංක 2192/36 දරන අති විශෙෂ ගැසට් නිවේදනයද ප්‍රකාශයට පත් කරන ලදී. එම ගැසට් නිවේදනයේ ප්‍රධාන පරමාර්ථය වී ඇත්තේ රක්ෂිත වනාන්තර තුළ පිහිටි ඉඩම් වෙන් කර ගෙන සංවර්ධන භාවිතයන් සඳහා ලබා ගැනීමය. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ දැඩි බලපෑම් කිරීමක ප්‍රතිඵලයක් ලෙස හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල්වරිය විසින්ම ඇය විසින් ප්‍රකාශිත ගැසට් නිවේදනය දින 12ක් ඇතුළත 2020 සැප්තැම්බර් මස 22 වන දින අංක 2194/28 දරන අති විශෙෂ ගැසට් නිවේදනය මගින් අවලංගු කරන ලදී.

වර්තමාන ආණ්ඩුව බලයට පත් වනවිට හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල්වරිය වන ආර්.එම්.සී.එම් හේරත් නැතහොත් චන්ද්‍රානි හේරත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස වැඩ භාර ගෙන ඇත. මෙම අමාත්‍යංශයේ අමාත්‍යවරිය ලෙස පවිත්‍රා දේවි වන්නිආරච්චි වැඩ භාර ගත් පසුව පළමු කාර්යය ලෙස සිදු කෙරුනේ අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් සකස් කළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ඇති වනාන්තර සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය කිරීම නම් වූ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමය. ඒ සඳහා 2023 ජනවාරි මස 23 වන දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර තුළ දීර්ඝ කාලයක් තිස්සේ පදිංචිව සිටින හා කෘෂි කාර්මික කටයුතුවල නිරත ජනතාවගේ ගැටළුවලට විසදුම් ලබා දීමය. එහි පළමු අදියර ලෙස යාපනය, වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව හා මොනරාගල දිස්ත්‍රික්කවල පිහිටි රක්ෂිත වනාන්තරවලට අයත් ඉඩම් නිදහස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇත.

නමුත් සත්‍ය තත්වය නම් මේ අතුරින් උතුරු හා නැගෙනහිර පළාත්වලට අයත් දිස්ත්‍රික්කවල රක්ෂිත වනාන්තර තුළ ජනතාව පදිංචි කිරීම එවකට පැවති ආණ්ඩුව විසින් සිදු කිරීමය. එසේ කරනු ලැබුවේ යුද්ධයෙන් පසුව ජනතාව පදිංචිව සිටි ඉඩම් නැවත ඔවුන්ට ලබා දීම වෙනුවට ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් එම ඉඩම් අත් පත් කර ගෙන ජාතික භෞතික සැලැසුම ක්‍රියාත්මක කිරීමට ජනතාවට අයත් ඉඩම් වෙන් කර ගැනීමය. එසේ නොමැතිව උතුරු හා නැගෙනහිර පළාත්වල රක්ෂිත වනාන්තර තුළ ජනතාව පදිංචිව සිටි බවට පිළිගත හැකි සාධක නොමැත. වත්මන් ආණ්ඩුව විසින් ජනතාවට සැබෑ තත්වය සඟවමින් අවතැන් කළ ජනතාව දඩමීමා කර ගෙන රක්ෂිත වනාන්තර තුළ පිහිටි ඉඩම් විවිධ සංවර්ධන කාර්යයන් සඳහා ලබා ගැනීමට සැලැසුම් සහගතව ක්‍රියා කරමින් සිටී.

මන්නාරම දිස්ත්‍රික්කයේ මඩුපාර වන රක්ෂිතය ලෙස 2012 ඔක්තොම්බර් මස 10 වන දින අංක 1779/15 දරන ගැසට් නිවේදනය යටතේ ප්‍රකාශ…

thetime.lk
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka